ජපානයේ එක ම ථේරවාදී චෛත්‍ය පිහිටි සවාරා හි ලංකාජි විහාරයේ වාර්ෂික කඨින පූජා මහෝත්සවය ලබන ඉරිදා (12)
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස පැවැත් වෙන ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහාබෝධි සංගමය සභාපති අතිපූජ්‍ය බානගල උපතිස්ස නාහිමියෝ පවසති.
මෙම කඨින පිංකමට සහභාගි වීම සඳහා අස්ගිරි නාහිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය ජපානයට වැඩම කර ඇති බවත්
ජපානය නොදා නුවර පදිංචි ගමඇතිගේ අනිල් ප්‍රියන්ත මහතාගේ ප්‍රධාන දායකත්වය ජපානය වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවගේ හා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මෙන්ම ජපාන බෞද්ධ ජනතාවගේ සහභාගිත්වයෙන් මෙම කඨින පූජා මහා උත්සවය හා සපිරිකර සංඝගත දක්ෂිණාව,බෝධි පූජාව, අටවිසි ගිලන්පස බුද්ධ පූජාව හා ධර්මානුශාසනා දවස.පුරා පැවැත්වෙන බව ලංකාජී විහාරවාසී කොස්වත්තේ පාලිත හිමියෝ පවසති.
