එක්සත් ජාතීන්ගේ 2030 තිරසර සංවර්ධනය සඳහා වූ න්‍යාය පත්‍රයේ ඉලක්ක සාක්ෂාත් කරගැනීම වෙනුවෙන් දකුණු කොරියාවේ පැවැති 7වෙනි කලාපීය සම්මන්ත්‍රණයේදීශ්‍රීලංකාවේ ධාරිතා ප්‍රවර්ධන(Capacity Building)හා කලාපීයඩිජිටල් සංවර්තන (Regional Digital Transformation)ගමන් මඟ ප්‍රසාදයට ලක්ව තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාමාජික රටවල් රැසක සහභාගිත්වයෙන් දින තුනක් පුරා මෙම සම්මන්ත්‍රණය පැවැත්විණි.
“ඵලදායී පාලනය හා ඩිජිටල්සංවර්තනය තුළින් 2030 තිරසාර ඉලක්ක වෙත ප්‍රවේශවීම”මෙවර සම්මන්ත්‍රණයේ තේමාව විය.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) නියෝජ්‍ය ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී සමීර ජයවර්ධන මහතා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම සම්මන්ත්‍රණයට සහභාගි වූ අතර“ශ්‍රී ලංකාවේ තිරසරසංවර්ධනය සඳහා ඩිජිටල් පාලනය සවිබල ගැන්වීම සහ ඩිජිටල්සංවර්තනය” මැයෙන් මෙහිදී විශේෂ දේශනයක් සිදු කළේය.
ශ්‍රී ලංකාව ඉකුත් වසරේ අග භාගයේ සිට ආරම්භ කරන ලද ඩිජිටල් සංවර්තනය සඳහාසමෝධානික ධාරිතා ප්‍රවර්ධන ප්‍රවේශය සහ එම කටයුතු ක්‍රියාත්මක කිරීමේදී රටක් වශයෙන් ලත් අභියෝග සහ අත්දැකීම් පිළිබඳව ජයවර්ධන මහතා මෙහිදී විස්තර කළේය.
මෙම සමෝධානික ධාරිතා ප්‍රවර්ධන නව්‍ය ආකෘතිය ඉතා සාර්ථක ආකාරයෙන් මෙරට තුළ ක්‍රියාත්මකවීම මත ශ්‍රී ලංකාවට මෙම සම්මන්ත්‍රණය ආමන්ත්‍රණය කිරීමේ අවස්ථාව හිමිව තිබේ.
තවද ගෝලීය හා කලාපීය වශයෙන් ඩිජිටල් සංවර්තනයේ සහ ඩිජිටල් ආර්ථිකයේ ප්‍රතිලාභ රටක සෑම ප්‍රදේශයකට ම මෙන් ම එහි සියලු ස්තරවෙත ගෙන යෑමේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ ජයවර්ධන මහතා ඒ වෙනුවෙන් මෙරට ක්‍රියාවට නංවා තිබෙන ධාරිතා ප්‍රවර්ධන හා කලාපීය සංවර්ධන මූලෝපායන් ගැන පැහැදිලි කිරීමක් කළේය.
ඉහත ක්‍රියාදාමයන් සහ භාවිතයන් කලාපයේ සෙසු රටවල් වෙත ගෙන යෑමේ වැදගත්කම පිළිබඳව සඳහන් කළ හෙතෙම ශ්‍රී ලංකාවේ සමෝධානික ධාරිතා ප්‍රවර්ධන වැඩපිළිවෙළ ගැන දැනුවත් කිරීමක් සිදු කළේය.
මේ යටතේ රාජ්‍ය අංශය සඳහා ක්‍රියාත්මක කෙරෙන සමෝධානික ධාරිතා ප්‍රවර්ධන ක්‍රියාවලිය,පුරවැසි බලගැන්වීම සහ කලාපීය ඩිජිටල් සංවර්තනය යන කාරණා ගැනමෙහි දී සංවාදයක් ද සිදු කෙරිණි.
සම්මන්ත්‍රණයට එක්ව සිටි එක්සත් ජාතීන්ගේ සහ විවිධ රටවල ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් ශ්‍රී ලංකාවේ එමධාරිතා ප්‍රවර්ධන හා කලාපීය ඩිජිටල් සංවර්තනය පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය.
තොරතුරු තාක්ෂණ කර්මාන්ත ක්ෂේත්‍රයේ පෞද්ගලික සමාගම්මෙන් ම වෙනත් සංවර්ධන ආයතන සහ ජාත්‍යන්තර සමාගම් ආදියේ සහයෝගයෙන් අවම රාජ්‍ය පිරිවැයක් යටතේ මෙම මූලෝපායන් ක්‍රියාත්මක කිරීමද මෙහිදී අගය කෙරිණි.
මෙම ධාරිතා ප්‍රවර්ධන හා කලාපීය ඩිජිටල් සංවර්තන වැඩසටහන සමඟ හඳුන්වාදෙන ලද නිපුණතා රාමු,සංවර්ධන දර්ශක,ඩිජිටල් සංවර්ධන ආකෘති මඟින් ඩිජිටල් ආර්ථිකය ඉහළ නැංවීම සඳහා කඩිනම් ප්‍රවේශයක් ලබා ගැනීමට ජාතික වශයෙන් ඇති හැකියාව ගැනද පෙන්වා දෙනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මෙමසමෝධානික ධාරිතා ප්‍රවර්ධන වැඩසටහන් ආකෘතිය කලාපයේ වෙනත් රටවල ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ගැනද සම්මන්ත්‍රණ නියෝජිතයින් මෙහිදී අදහස් දැක්වීය.
ඵලදායී සහ කාර්යක්ෂම මහජන සේවාවන් සැපයීම සඳහා රාජ්‍ය අංශය තුළ ඩිජිටල් සංවර්තනයක් ඇති කිරීම සහ ඊට නවෝත්පාදන යොදා ගැනීම ගැනද මෙවර සම්මන්ත්‍රණයේ විශේෂ අවධානය යොමු විය.
එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව (UN DESA), රාජ්‍ය ආයතන සහ ඩිජිටල් රාජ්‍ය සඳහා වන අංශය (DPIDG),දකුණු කොරියාවේ අභ්‍යන්තර හා ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශය (MOIS) යන ආයතනයන්හි සහයෝගයෙන් මෙම සම්මන්ත්‍රණය පවත්වා තිබේ.