22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeදේශීය පුවත්ආරක්ෂක පුවත්ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ප්‍රථම කාන්තා රණවිරු...

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ ප්‍රථම කාන්තා රණවිරු ස්මාරකය විවෘත කරයි

වර් ෂ 2009 මැයි මාසයට පෙර පැවති මානූෂීය මෙහෙයුමේදී රට වෙනුවෙන් දිවිපිදූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ වීරෝදාර කාන්තා රණවිරුවන් සිහිකරමින් බොරැල්ල, කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද රණවිරු ස්මාරකය සිකුරාදා (නොවැම්බර් මස 10) දින විවෘත කෙරිණි.මෙය ලංකාවේ කාන්තා රණවිරැවන් සිහිකිරිම වෙනුවෙන් ඉදිවු ප්‍රථම හා එකම රණවිරු ස්මාරකය වේ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා සේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ ආරාධනයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී විය.
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැමිණීමෙන් පසුව සියලුම ආරාධිතයින් අභිනවයෙන් ඉදිකරනු ලැබූ රණවිරු ස්මාරකය අභියස පැවති ආගමික වතාවත් සඳහා එක්වූ අතර, අනතුරුව එතුමන් රණවිරු ස්මාරකයේ සමරු ඵලකය නිරාවරණය කරනු ලැබීය.
රට වෙනුවෙන් දිවිපිදූ කාන්තා බලකාවේ වීරෝදාර රණවිරුවන් 25 දෙනා සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ද පවත්වා ගෞරවාචාරය පුදකරනු ලැබුහ.
යුද්ධ හමුදාධිපතිතුමන්, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ දිවිපිදූ කාන්තා බලකාවේ වීරෝදාර රණවිරුවන් 25 දෙනාගේ ළඟම ඥාතීන් එක්ව රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාරය පුදකරමින් සිය ගෞරවය පුද කළහ.
හමුදා සම්ප්‍රදායානුකුලව වැයෙන යුද්ධ හමුදා තුර්යවාදක බියුගල් නලාකරුවන්ගේ අවර රණවිරු අනුස්මරණ බියුගල් නාදය ගුවනට මුසුවීමත් සමඟම උත්සවයේ සමාප්තිය සනිටුහන් විය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments