21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මුලු රටේම සමස්ථ වෘත්තිකයින්ට සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලය මට...

මුලු රටේම සමස්ථ වෘත්තිකයින්ට සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලය මට විශේෂ අනුමැතියක් ලබා දීලා තියෙනවා-ඇමැති මනූෂ නානයක්කාර

ත්‍රීරෝද රථ රියදුරෙක්ට අනතුරක් වුනොත් කවුද බලාගන්නේ? දෑතේ ශක්තිය නැති වුනාම, බැරිවුන කාලෙකදී ඒ අය බලාගන්නේ කවුද?

පුද්ගලික අංශයේ සේවකයාට අර්ථසාධක අරමුදල ලැබෙනවා. රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුප තියෙනවා. රක්ෂණ ලැබෙනවා. ත්‍රීරෝද රථ රියදුරන්ට මොනවාද ලැබෙන්නේ?

මුළු රටේම සමස්ත වෘත්තිකයින්ට සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් හදන්න කැබිනට් මණ්ඩලට මට විශේෂ අනුමැතියක් ලබාදී තිබෙනවා

වැරදි වැඩ කරලා අනතුරු සිදුවන්නේ ත්‍රිරෝද රථ විතරද? මේ අහිංසක මිනිස්සුන්ට චෝදනා කරලා හැමෝම නිදහස් වෙනවා

ත්‍රීරෝද රථ රියදුරන් කියන්නේ ඉගෙනගත්තේ නැති, සංයමයක් නැති ඉබාගාතේ යන කණ්ඩායමක් කියලා සමහරු කියනවා. ඒකට මම විරුද්ධයි. හැමෝම විශ්ව විද්‍යාලවලට ගිහිල්ලා නෙමෙයි රට දියුණු කරලා තියෙන්නේ

ත්‍රීරෝද රථ රියදුරන් පසුගිය කාලයේදී ඉල්ලුවේ තෙල් ටික විතරයි. ඒ අය බදු ගෙවන මිනිස්සුන්ට බරක් වෙන්නේ නෑ. ඒ අයට ගරුත්වයක් හිමිවිය යුතුයි

පුද්ගලික අංශයේ සේවකයින්ට අර්ථසාධකයත්, රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුපත් ලැබෙන නමුත් ත්‍රීරෝද රථ රියදුරන්ට අනතුරක් සිදුවුවහොත්, දෑතේ ශක්තිය නොමැතිවී බැරිවූ කාලයේදී බලාකියාගන්නේ කවුරුන්දැයි ප්‍රශ්න කළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය කාලයේදී බදු ගෙවන ජනතාවට බරක් නොවී, තෙල් ටික පමණක් ඉල්ලා සිටි ත්‍රීරෝද රථ රියදුරන්ට ගතරුත්වයක් ලබාදීමට කටයුතු කළ යුතු යැයි අද (08) පැවසුවේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ අවිධිමත් අංශයේ ශ්‍රමිකයින්ට ගරුත්වයක් ලබාදීම සදහා ක්‍රියාත්මක “ගරු සරු” වැඩසටහන යටතේ ත්‍රීරෝද රථ රියදුරන් සමග පැවති සාකච්ඡාවකදීය

එහිදී අමාත්‍යරයා මෙසේද පැවසීය.
මෙි රටෙි සෑම වෘත්තියකම නිරත වෙලා පිරිසට විශේෂයෙන්ම අවිධිමත් අංශයේ වෘත්තීන් වල නිරත වෙලා ඉන්න පිරිසට ගරුත්වය ලබා දීමත් සාරවත්භාවයක් ලබාදීම තමයි මේ වැඩසටහනේ අරමුණ වෙන්නේ. ඒකට අවශ්‍ය පසුබිම හදන්නයි අපි කටයුතු කරන්නේ. එහිදී හැම වෘත්තකයෙක්ම වයසට ගියාම බලාගන්න වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ.
ඒ අනුව ඕනෑම වෘත්තියක් කරන කෙනෙක්ට අභිමානවත්ව ඒ වෘත්තියේ නියැලෙන්න පුළුවන් සමාජ වටපිටාවක් සහ වෘත්තීභාවයක් ඇති කිරීමට මෙම ගරු සරු වැඩසටහනේ ගරු කියන කොටසින් අදහස් වෙනනේ. ඒ වගේ සරු කියන කොටසින් අදහස් වෙන්නේ, අවිධිමත් අංශයේ පිරිසත් මේ රටේ ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ් වගේ සමාජ ආරක්ෂණ වැඩසහන් වලට දායක කරගනිමින් ඒ අයගේ විශ්‍රාම දිවය සුරක්ෂිත කිරීමටත් ඒ වගේම අයට රැකියාව කරන අවස්ථාවේදී යම් අනතුරක් වුනොත් ඒ අවස්ථාවේදී ඔවුන්ට අවශ්‍ය ආරක්ෂණ වැඩපිලිවෙලක් සකස් කිරීමත් තමයි සරැ කියන කොටසින් අදහස් වෙන්නේ.
මේ රටේ ඉන්නවා ප්‍රශ්ණ ඇති කරන අය. ඒ වගේම රටේ ප්‍රශ්න හැමතිස්සේම විචේනය කරන අයත් ඉන්නවා. මේ අය කරන්නේ ‍ලොකුවට කියවන එක විතරයි. අපි මේ අයට කයිය නායකලා කියලත් කියනවා.
හැබැයි අපි ඒකෙන් එහාට ගිහිල්ලා ප්‍රශ්න වලට උත්තර හොයන්නයි මේ සූදානම් වෙන්නේ. මොකද අපි ප්‍රශ්න වලට උත්තර හොයන පිරිසක්. ඒ නිසාමයි ජනාධිපතිතුමාත් රටේ ප්‍රශ්නයක් ඇති වුන වෙලාවේ රට භාරගෙන පිළිතුරු හොයන්නයි කටයුතු කළේ.
ජනාධිපතිතුමා සියලු දෙනා එකට එකතු කරගෙන රටේ ප්‍රශ්න විසදන්න ගත්තේ විවේචනය කර කර ඉදලා හරියන්නේ නැති නිසයි. ප්‍රශ්න වලට බයවෙලා ඉදලා හරියන්නේ නැහැ. ඒකයි අපිත් මේ වැඩේට එකතු වුනේ.
මේ රටේ අවිදිමත් කෂේත්‍රයේ ඉන්න ලක්ෂ හැටක විතර පිරිසක් ආර්ථිකයට සුවිශේෂී දායත්වයක් දක්වනවා. එහිදී මේ විදිමත් සහ අවිදිමත් කියන අංශ දෙක මොකක්ද කියලා අපි අවබෝද කරගතයුතුයි. ඇත්තමට විදිමත් කියන්නේ හාම්පුතෙක් සහ සේවකයෙන් ඉන්න ඒ අය අතර ගිවිසුමක් තියෙන සහ ඒ අනුව නියමිත විදිහට රැකියාවක් කරනවා කියලා කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා, ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. ගෙවීම් සිදුවන වෘත්තින් වලටයි.
ඒ වගේම අවිදිමත් කියන්නේ මේ විදිහට හාම්පුතෙක් නැති ගිවිසුමක් නැති තමන් තනියෙන් තමන්ගේ ජිවිකාව කරගෙන ඉන්න අයයි. හැබැයි මේ අයයි ආර්ථිකටය සුවිශේෂී දායක්තවයක් දෙන්නේ. මේ අය තමයි එළියට නොපෙනුනාට රටේ ආර්ථිකය ගොඩ නගන්න ශක්තිය ලබා දෙන්නේ.
පේමන්ට් එකේ බඩු විකුණන වෙළෙන්දා, ත්‍රීරෝද රථ රියැදුරන්, වෑද්දුම් ශිල්පීන්, පින්තාරු ශිල්පීන්, විදුලි කාර්මිකයින්, ඇතුලු හැම ක්ෂේත්‍රයේම ඉන්න අය ආර්ථිකයට දෙන්නේ විශාල හයියක්. ඒත් මේ අයගේ වෘත්තියට ගරුත්වයක් නැහැ. ඒක අපි අවංකව පිළිගන්න ඕනේ.
මේ අයගේ ජිවිති නිසි ආරක්ෂාවක්වත් වෘත්තියට ආරක්ෂාවක්වත් නැහැ. මේ අයට වැඩ කරන්න බැරි කාලෙට ඒ අයගේ විශ්‍රම දිවියට ආරක්ෂාවක් නැහැ.
වයස අවුරුද 55, 60 වුනාම පුද්ගලික අංශයේ අයට අර්ථසාදක අරමුදල ලැබෙනවා. රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුප ලැබෙනවා. ඒ වගේම පුද්ගලික සහ රාජ්‍ය අංශයේ අයට රැකියාව කරන කාලයේදී රක්ෂණ ක්‍රම තියෙනවා. ඒත් අපේ ත්‍රී රෝද රථ අයට, අනතුරක් වුනොත් ගෙදර අයව කවුද බලාගන්නේ? තමන්ගේ දෑතේ ශක්තිය නැති වුනාම මොකද කරන්නේ ? ඒ අයට බැරිවුන කාලේදී ඒ අයව කවුද බලාගන්නේ කවුද? මේක කාලාන්තරයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක්.
ඒ නිසා මුලු රටේම සමස්ථ වෘත්තිකයින්ට සමාජ ආරක්ෂණ වැඩපිලිවෙලක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලය විසින් මට විශේෂ අනුමැතියක් ලබා දීලා තියෙනවා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments