එක්සත් ජාතික පක්ෂයට සමගි ජනබලවේගය සමඟ එකතු වුවහොත් ජයග්‍රහනය කිරීමේ හැකියක් තිබෙන බව විවිධ සමීක්ෂණ හරහා පෙන්වන්න උත්සහ ගනිමින් සිටින බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පැවැසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් එස්.එම් මරික්කාර් මහතා පැවසුවේ මෙවර අයවැය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිගේ අවසන් අයවැය බවත් මෙම අයවැයෙන් ආණ්ඩුව පුපුරන්න ඉඩ තිබෙන බවත්ය.
ව්‍යවස්ථාදායක සභාව සහ කොමිසන් සභා ඇති කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලයට පැමිණි පසු ඒවා සත පහකට ගණන් ගන්නේ නැති බවත් ඒකාධිපතිත්වයෙන් ,උද්දච්චකමින් සහ මර්දනයෙන් රට පාලනය කිරීමේ ක්‍රමවේදයක් ඔහු ගෙන යන බවත් මරික්කාර් මහතා සඳහන් කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ අද (08) කොළශ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.
‘‘ජනවරමක් නැති සුළු කණ්ඩායමක් රටේ ජනතාව අමු අමුවේ පීඩාවට පත් කරමින් , විදුලිබිල , ජලබිල , ඉන්ධන මිල වැඩි කරමින් , බදු වැඩිකරමින් , භාණ්ඩවල මිල වැඩි කරමින් , බිල් වැඩි කරමින් රටේ ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයකට ජනතාව පත්කරලා තිබෙන්නේ.
පාර්ලිමේන්තුව විසුරුවා හැරලා මැතිවරණයකට ගියානම් ජනතාව අත්විදින පීඩනය අනුව ඔවුන්ගේ ජනමතය කුමක්ද කියන එක පැහැදිලි කර ගන්න පුලුවන්.
ජනතාව පිළිබඳ හැඟිමක් නැති , ජනතාව ජීවත්වන විදිහ ගැන අවබෝධයක් නැති පාර්ලිමේන්තු මැතිවරණයක් දිනාගැනීමට නොහැකි කණ්ඩායමක් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට රටේ ජනතාවට ලබාදෙන පීඩනය
පිළිබඳ ඔවුන්ගේ තීරණය ලබා දෙයි.
අයවැයෙන් විවිධ දේවල් අඩු කරනවා වැඩි කරනවා කියලා සුරංගනා කතා පවසනවා. වික්‍රමසිංහ මහත්තයා අයවැයට කලින් ගහන්න තිබෙන බදු සියල්ල ගහනවා. විකුණන්න තිබෙන සියලු දේවල් විකුණන්න සැලසුම් කරලා තිබෙන්නේ. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන බව ජනාධිපතිවරයා පවසනවා. ඒ වැඩි කිරීමට එපා කියලා සමගි ජනබලවේගය කියන්නේ නෑ. වැඩි කරන 12,500 ප්‍රමාණවත් ද කියන එක ගැන ගැටලුවක් තිබෙනවා.
ආණ්ඩුවට වැඩිපුර වියදම්වල ප්‍රමාණය පිරිමහ ගන්න ප්ලෙන්ටිය වැඩි කරලා , පරාටා එකේ මිල වැඩිකරලා , කොත්තුව වැඩි කරලා ,බඩුමිල වැඩිකරලා. දෙන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් බදු හරහා අයකරගන්නවා.
ඉන්ධන මිල , විදුලිබිල වැඩි වෙලා තිබෙන ප්‍රමාණයත් එක්ක , අත්‍යාවශ්‍ය භාණ්ඩවල වැඩි වෙලා තිබෙන ප්‍රමාණය එක්ක , දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කරන්න තිබෙන ප්‍රමාණය එක්ක සුරංගනා කතාවලින් උත්තරයක් ලැබෙන්නේ නෑ.