25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsනීතිවිරෝධිව මෙරටට ගෙනා රුපියල් මිලියන 1,300 කට වඩා වටිනාකමක් ඇති දුම්වැටි...

නීතිවිරෝධිව මෙරටට ගෙනා රුපියල් මිලියන 1,300 කට වඩා වටිනාකමක් ඇති දුම්වැටි තොගයක් එස්.ටී.එෆ්. අත්අඩංගුවට.

රුපියල් මිලියන 1,300 කට වඩා වැඩි වෙළදපොළ වටිනාකමක් ඇති රජයේ රෑපමය අවවාද සටහන් කර නොමැති තිරුබදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට අනායනය කරන ලද SHAMLAN (සැම්ලන්) වර්ගයේ දුම්වැටි 10,420,000 (එක්කොටි හාරලක්ෂ විසිදාහක්) තොගයක් විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

ඒ අනුව එම කාර්ය බලකායේ අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය II හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාරමුල්ලගේ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (16) කැළණි තිස්ස විදුලිබලාගාරයේ ඉදිරිපිට මාර්ගයේදී වැටලීමක් සිදුකර ඇත.

එහි දී රුපියල් මිලියන 1,300 ක වැඩි වෙළදපොළ වටිනාකමක් ඇති රජයේ රෑපමය අවවාද සටහන් කර නොමැති තිරුබදු නොගෙවා නීති විරෝධි ලෙස මෙරටට අනායනය කරන ලද SHAMLAN වර්ගයේ දුම්වැටි 10,420,000 (එක්කොටි හරලක්ෂ විසිදාහක්) සහ මෙම දුම්වැටි තොගය ප්‍රවාහනය කිරීමට යොදාගත් අංක WPLY 4822 දරණ කෙන්ටේනර් රථය හා එහි LX 2929 දරණ ටෙලර් කොටස / mscu 9471625 දරණ දුම්වැටි ගබඩා කර තිබු බහාලුම සමග මාකොළ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 65ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කොලොන්නාවේ කුඩු රැජින හෙරොයින් සහ මත්පෙති සමග විශේෂ කාර්ය බලකාය නිලධාරින්ගේ අත්අඩංගුවට.

විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජකාරී යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව D කලාප කණ්ඩායමේ පොලිස් පරික්ෂක එච්.ඩී.ඒ.එම්. හපුආරච්චි ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (15 ) වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 11/13/ බී, ශ්‍රී ආනන්දාරාම මාවත, කොලොන්නාව ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී මත් කරල් 374 ක් හා හෙරොයින් මිලි ග්‍රෑම් 600 ක් සන්තකයේ තබාගෙන සිටි කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 32 ක කාන්තාවක් මත්ද්‍රව්‍ය ජාවාරමින් උපයාගන්නා ලද මුදල් රුපියල් 138,000.00 ක් සමඟ අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මෙම කාන්තාව දිගු කලෙක පටන් නිතියෙ ඇසට වැලි ගසමින් මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සුක්ෂමව සිදුකරගෙන ගොස් ඇති බවට කරුනු අනාවරණය වි ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments