පෞරාණික වටිනාකමකින් යුත් චුඩා මාණික්‍යයක් සොරකම් කල පුද්ගලයින් තිදෙනෙකු තහනම් පිහි (යකඩ කඩු) 02ක් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු වැටලීම් සහ අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.
ඒ අනුව එම කාර්ය බලකායේ හම්බන්තොට කලාප අණදෙන නිලධාරි පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී එන්.ඒ.පි.පි. කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණය මත රත්ගම කදවුරේ කඳවුර අණදෙන නිලධාරි පොලිස් පරික්ෂක එමි.එස්. ඊබ්‍රහිම් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (22) මීගහතැන්න පොලිස් වසමේ ගාල්ල බස් නැවතුමිපල අසල දී සහ 167/4, මිහිදු මාවත, මහර, කඩවත දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී වික්‍රමශිලා පිරිවෙනේ පුරාණ විහාර චෛත්‍රය හතරුස් කොටුව කැණීම් කර කොත් කැරැල්ල සහ චුඩා මාණික්‍ය සොරකම් කිරීම හා තහනම් පිහි (යකඩ කඩු) 02ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් කඩවත, අහංගම සහ කොළඹ-15 ප්‍රදේශවල පදංචි වයස අවුරුදු 29, 32 සහ 56ක් වන පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මීගහතැන්න පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික මිදිගම චූටියා (ලොස්ටා චූටි) සහ ඉබ්බාවල රුවන් ගේ ගෝලයෙකු හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
හම්බන්තොට කලාප අණදෙන නිලධාරි පොලිස් අධිකාරී නිශාන්ත සිල්වා මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී එන්.ඒ.පි.පි. කුමාර කුලරත්න මහතාගේ අධීක්ෂණය මත පුෂ්පාරාම උප කදවුරේ පොලිස් පරික්ෂක යු.ඩි. සංජිව ප්‍රසන්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23 ) වැලිගම පොලිස් වසමේ කප්පරතොට රේන්දපොල පාරේ වැටලිමක් සිදුකර ඇත.
එහි දී සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජික මිදිගම චූටියා (ලොස්ටා චූටි) සහ ඉබ්බාවල රුවන් ගේ ගෝලයෙකු වන වැලිගම ප්‍රදේශයේ පදංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු හෙරොයින් මිලි ග්‍රෑම් 1400 ක්, කඩුවක්, යතුරු පැදියක් සහ මුදලින් රු. 950,000.00 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම පුද්ගලයා කප්පරතොට ප්‍රදේශයේදි පුද්ගලයෙකු කඩුවකින් පහරදී බල අපරාධයක් සිදුකිරීම සම්බන්ධව අත්අඩංගුවට ගැනීම සදහා වරෙන්තු නිකුත්කර ඇති පුද්ගලයෙකි.
යම්කිසි අපරාධයකට සුදානම්ව සිටි පුද්ගලයින් සිව් දෙනෙකු මන්නා පිහි සහ හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.
අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි පොලිස් අධිකාරී (විශේෂ අවි හා උපක්‍රම/ සංග්‍රාමික යතුරුපැදි) ආර්.පී.කේ.ඩී රත්නවීර මහතාගේ අධීක්ෂණය මත දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හේතුවෙන් රාජකාරී යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව D කලාපයේ උප පොලිස් පරීක්ෂක වී.එච්.ජී.එන්.අයි. ජනසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (23) වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 443, වෙලේවත්ත පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී යම්කිසි අපරාධයකට සුදානම්ව සිටි හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රම් 18 මිලි ග්‍රෑම් 720 ක් සහ මන්නාපිහි 04 ක් සමග ජාවාරමෙන් උපයාගන්නා ලද මුදල් 100,000.00 ක් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදංචි වයස අවුරුදු 22, 26, 27 සහ 43ක් වන පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
කහකුරුල්ලන් පැලැස්සේ හොර රහසේ වගා කරන ලද මහා පරිමාණ ගංජා හේනක් විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී එච්.යු.එන්. ද සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී එන්.ඒ.පි.පි.කේ. කුලරත්න මහතාගේ අධික්ෂණයෙන් විශේෂ කාර්ය බලකාය උඩවලව කඳවුරේ පොලිස් පරීක්ෂක ඒ.පී.ආර්. අල්විස් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් තණමල්විල පොලිස් වසමේ කහකුරුල්ලන් පැලැස්ස ප්‍රදේශයේ ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී අක්කරයක පමණ භූමි ප්‍රමාණයක නීති විරෝධී ලෙස වගා කරන ලද අඩි 04 ක් පමණ උස ගංජා ගස් 9,456 සහිත හේනක් සැකකරුවන් නොමැතිව අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු තණමල්විල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.