22.3 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්ඊශ්‍රායල් කෘෂි රැකියාවට සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අඹු සැමි යුවල දැලේ...

ඊශ්‍රායල් කෘෂි රැකියාවට සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ අඹු සැමි යුවල දැලේ…

ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා ලබාදීම සඳහා සම්මුඛ පරික්ෂණ පැවැත්වූ අඹු සැමි යුවළක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පළකරමින් ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියා සඳහා බඳවාගන්නා බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන්ට පෞද්ගලික ඔත්තුකරුවෙකු මගින් තොරතුරක් ලැබී තිබේ. උස්වැටකෙයියාව, තල්දියවත්ත ප්‍රදේශයේ නිවසක රැකියා සඳහා බඳවා ගැනීමට සම්මුඛ පරීක්ෂණ සිදුකරන බව එම වීඩියෝව මගින් සඳහන් කර තිබූ අතර, ඒ අනුව විමර්ශන නිළධාරීන් අදාල නිවස වැටලීම් කර ඇත.

 එම අවස්ථාවේ පුද්ගලයින් සියයකට අධික පිරිසක් සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිටි අතර,  ඊශ්‍රායලයේ කෘෂිකාර්මික රැකියාවක් ලබාදීම සඳහා මෙම ජාවාරම්කරුවන් විසින් එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ 25ක මුදලක් අයකරන බව සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණ සිටි තරුණයින් විමර්ශන නිළධාරීන් හමුවේ ප්‍රකාශ කර තිබේ.

 විමර්ශන නිළධාරීන් එම ස්ථානය වටලා ඇති බව දැනගත් මෙම ජාවාරම මෙහෙයවූ සුමිත් ප්‍රසන්න නම් ප්‍රධාන සැකකරු අදාල ස්ථානයෙන් පළා ගොස් ඇති අතර, මෙම ජාවාරම සඳහා ඔහුට සහාය වූ ඔහුගේ බිරිඳ වන සුමිත්‍රා කුමාරි නම් කාන්තාවක් විමර්ශන නිළධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදී. එම ස්ථානයේ තිබී ඊශ්‍රායලයේ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ රැකියා අයදුම්පත්‍ර 214ක්ද විමර්ශන නිළධාරීන් භාරයට ගෙන තිබේ.

කාර්යාංශ පනත උල්ලංඝණය කරමින් රැකියා සදහා බඳවාගැනීම් සිදුකිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකාරිය ඉකුත්(11) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් ශරීර ඇප 2ක් මත මුදාහැර ඇත.

වැඩිදුර නඩු විභාගය (24) කැඳවූ අවස්ථාවේ මෙතෙක් කල් අධිකරණය හා විමර්ශන නිළධාරීන් මගහරිමින් සැගව සිටි ප්‍රධාන සැකකරුද අධිකරණයට භාර වූ අතර, ලබන මස (01) දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙම වැටලීම සඳහා කාර්යාංශයේ විශේෂ විමර්ශන නිලධාරීන් වන  කපිල කරුණාරත්න, ඉදුනිල් පුෂ්පකුමාර, සරත් විමලවීර හා මධුශාන් විජේවර්ධන යන නිළධාරීන් එක්වූහ.

ඊශ්‍රායල් කෘෂිකාර්මික රැකියා ලබාදෙනු ලබන්නේ රජයන් 2 අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුමක් අනුව වන බැවින් එම රැකියා සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments