ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය හා ලෝක ටයිකොන්ඩෝ සම්මේලනයේ හී අනුබද්ධිත ආයතනයක් වන ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ (Taekwondo Humanitarian Foundation – THF) හී ආසියානු කලාප ශාඛාව සමග ඒකාබද්ධව සංවිධානය කරනු ලබන ජාත්‍යන්තර තරගාවලියක් දෙසැම්බර් මස 7, 8 දිනයන්හි කොළඹ දී පැවැත්වීමට නියමිතය.
මේ පිළිබඳ මූලික එකගතාවය සඳහා වන අවබෝධතා ගිවිසුම සඳහා පසුගිය දින ටයිකොන්ඩෝ මානුෂිකවාදී පදනමේ ආසියානු කලාප ප්‍රධානී Kang Dae Geun මහතා සහ ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා යන මහත්වරුන් විසින් අත්සන් කළහ.
තවද ලෝක ටයිකොන්ඩෝ මානුෂවාදී පදනමේ ශ්‍රී ලංකා ශාඛාව ආරම්භ කළ අතර එහි සභාපති වරයා ලෙස සබරගමු පලාත් සභා සභාපති කංචන ජයරත්න මහතා පත් කරන ලදී. ඊට අදාළ නිල ලිපිය සඳහා අත්සන් කිරීම හා නිල ලාංචන පැලදීම මෙහිදී සිදු කරන ලදී.
මේ සඳහා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ ප්‍රධාන ලේකම් රුවන් අලහකෝන්, තාක්ෂණික කමිටු ප්‍රධානී කී සූ ලී (Ki Su Lee) මූල්‍ය පරිපාලක දසුන් විජේසිංහ යන මහත්වරුන් සහභාගි වූහ.