22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsඅපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයකු ගිණි අවියක් හා ජීව අත් බෝම්බයක් සමග STF...

අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයකු ගිණි අවියක් හා ජීව අත් බෝම්බයක් සමග STF අත්අඩංගුවට.

අපරාධයකට සැරසෙමින් සිටි පුද්ගලයකු ගිණි අවියක් හා ජීව අත් බෝම්බයක් සමග විශේෂ කාර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි හම්බන්තොට කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී එච්.යු.එන්. ද සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ මගපෙන්වීමෙන් විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ කඳවුර අණදෙන නිලධාරී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩි.සි.එල්. මුණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (25) වලස්මුල්ල පොලිස් වසමේ යහල්මුල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කිසියම් අපරාධයක් සිදු කිරීමට සැරසෙමින් සිටිය දී මෙරට නිශ්පාදිත බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනි අවියක් හා විදේිශිය රටක නිශ්පාදිත ජීව අත් බෝම්බයක් සන්තකයේ තබාගෙන සිටි යහල්මුල්ල, වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 47 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වලස්මුල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මොහු යමි අපරාධමය කටයුත්තක් සදහා මෙසේ සුදානම් ව සිටි බවට තොරතුරු අනාවරණය වි ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු වලස්මුල්ල පොලිසිය මගින් සිදුකරමින් පවති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments