21.4 C
Sri Lanka
Thursday, August 21, 2025
Homeදේශීය පුවත්වෛද්‍ය සැපයුම් අංශ ලොක්කෝ සී.අයි.ඩී.යට

වෛද්‍ය සැපයුම් අංශ ලොක්කෝ සී.අයි.ඩී.යට

කොරෝනා වයිරසයට මුවා වී කරගෙන ගිය බව කියන පී.සී.ආර් ජාවාරම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයුම් අංශයේ ඉහළ නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගෙන ඇත.

•02 පිටුවට

මේ වන විට එක් ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් පමණක් එක දිගට දින තුනක් මෙලෙස ප්‍රශ්න කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු අනාවරණය කළේය.

එවැනි මිලකට ජර්මානු සමාගමකින් පමණක් පීසීආර් කට්ටල මිලදී ගැනීමට සෞඛ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් කටයුතු කර ඇතැයි බුද්ධි අංශ ජනාධිපතිවරයාට වාර්තාවක් ලබා දී තිබිණි.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නියමයෙන් ඒ පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමත කළ අඩු මිලට පීසීආර් කට්ටල තිබියදී දෙගුණයක් වැඩිපුර ගෙවා පීසීආර් කට්ටල මාෆියාවක් කරගෙන යන බව හෙළි වී තිබිණි.

ඒ අනුව පීසීආර් ජාවාරමට සම්බන්ධ වූවන් සොයා විමර්ශන අරඹා ඇත.

මෙම විමර්ශනවල දී පීසීආර් මාෆියාවට සම්බන්ධ ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන් සිවුදෙනකු හා රසායනාගාර නිලධාරීන් ගැනද අනාවරණය වී ඇත. මාෆියාවට සම්බන්ධ සමාගමෙන් ලැබෙන වරදාන සැලකිල්ලට ගෙන හිතවත්කම් මත මෙම ජාවාරම කරගෙන ගොස් ඇතැයි දැනට තොරතුරු අනාවරණය වී තිබේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments