නියමිත ආසන ගණනට වැඩියෙන් මගීන් ප්‍රවාහනය කරන බස් රථ සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට උපදෙස් ලබාදී තිබේ.
කොවිඩ් ව්‍යාප්තිය පාලනය පිණිස හඳුන්වා දී ඇති ප්‍රවාහන ප්‍රතිපත්ති හා උපදෙස් මාලාවට පටහැනිව ධාවනය කරන බස් රථ ගැන විශේෂ අවධානයක් යොමු කරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා තිබේ.
නියමිත ආසන ගණනට වැඩියෙන් මගීන් ප්‍රවාහනය කරන බස් රථ සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි ප්‍රමාණය සැලකිල්ලට ගැනීමෙන් පසුව රාජ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.
එමෙන්ම සෞඛ්‍ය උපදෙස්වලට පටහැනිව ආසන ගණනට වඩා මගීන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථ තිහක් සම්බන්ධයෙන් විමර්ශන සිදුවන බවත් ජාතික ගමනාගමන කොමිෂන් සභාව මගින් ඊට අදාළ පරීක්ෂණ සිදු කරන බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ඊයේ (06දා) පැවසීය.
මෙම බස් රථ මගින් වරදක් සිදුකර ඇත්නම් එම බස් රථවල මාර්ග බලපත්‍ර අත්හිටුවනු ඇතැයිද කී අමාත්‍යවරයා කාර්යාල හා පාසල් කාලසීමා ඉලක්ක කරගනිමින් විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන බවද කීය.
මේ අනුව ඊයේ (07දා) සිට ධාවනය වන සෑම බස් රථ ගමන් වාරයක් සඳහාම බස් රථ දෙකක් එකවර ධාවනයට එක්කරන බවත්, එතුළින් මගීන් අසුන් ගණනට ගෙන යාමට අපේක්ෂා කරන බවත් හෙතෙම කීවේය.