26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය අද ජාතික පද්ධතියට එකතුවෙයි

මෙරට විශාලතම සුළං විදුලි බලාගාරය අද ජාතික පද්ධතියට එකතුවෙයි

මෙරට විශාලතම සුළං විදුලි බලාගාර සංකීර්ණය වන ‘තම්බපවනී’ විදුලි බලාගාරය අද (08) ජාතික විදුලිබල පද්ධතියට එක්විය.

මෙරට විදුලිබල උත්පාදනයේ තවත් ඓතිහාසික සංදිස්ථානයක් සටහන් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම ‘තම්බපවනී’ සුළං විදුලි බලාගාරය විවෘත කෙරුණි.

පළමු පියවර ලෙසින් මෙගාවොට් 100ක සුළං විදුලි ධාරිතාවයක් එහිදී නිපදවේ.

පරිසර හිතකාමී ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 135කි.

වසරකටත් අඩු කාලයකින් වැඩ අවසන් වූ එම සුළං විදුලි බලාගාරය මගින් විදුලි ඒකකයක් රුපියල් 8ක් වැනි සුළු මුදලකට නිපදවිය හැකි බව ව්‍යාපාතියේ පරිසර සහ සමාජ ආරක්ෂණ නිලධාරී වේලු චන්ද්‍රෙස්කරන් මහතා පැවසීය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments