21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්එළඹෙන දෙසැම්බර් උත්සව සමයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් අරඹයි.

එළඹෙන දෙසැම්බර් උත්සව සමයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විශේෂ වැඩපිළිවෙලක් අරඹයි.

එළඹෙන දෙසැම්බර් උත්සව සමයේදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙළ පිළිබඳ මාධ්‍ය හරහා මහජනතාව දැනුවත් කිරීම සදහා වූ නිවේදනය.

එළබෙන දෙසැම්බර් උත්සව සමයේ දී පාරිභෝගිකයන්ට වෙළඳපොල තුල දී සිදු විය හැකි අසාධාරණකම් වැලැක්වීමට හා ඇතිවිය හැකි ගැටලු මග හැරවීම සදහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය සැලසුම් කර ඇත. ඒ අනුව මුලු දිවයිනම ආවරණය වන පරිදි සියලු දිස්ත්‍රිකයන්ට අනුයුක්ත කර ඇති පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් වැටලීම් සහ විමර්ශන කටයුතු සදහා මේ වන විට යොමු කර ඇත.
උත්සව සමයේදී පාරිභෝගිකයන් වැඩි වශයෙන් මිලදී ගන්නා ඇදුම් පැලදුම්, කල් පවත්නා භාණ්ඩ, විදුලි උපකරණ හා අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළඳ සැල් පිළිබදව වැඩි අවධානයක් යොමු කරන අතර ජංගම වෙළදුන් හා සේල් වැනි ක්‍රියාකාරකම් පාරිභෝගික කටයුතු පිළිබද අදිකාරිය මගින් විශේෂ අධීක්ෂණයට ලක් කරනු ලැබේ.

සියලුම දිස්ත්‍රිකයන් හී ඇති ප්‍රධාන තොග අලෙවිසැල් හා ගබඩා පරීක්ෂා කිරීම සහ වැටලීම් සිදුකරනු ලැබේ. එහිදී දිස්ත්‍රිකයන් තුල ඇති ගබඩා සහ නිෂ්පාදනාගාර පරීක්ෂා කිරීම මගින් කල්ඉකුත් වූ තොරතුරු වෙනස් කරන ලද භාණ්ඩ වෙළෙඳපලට පැම්ණිම වැලැක්වීමට කටයුතු කරන ලෙසද

පාරිභෝගිකයින් නොමග යවන සුළු ක්‍රියාකාරකම් වැලැක්වීම, අත්‍යවශ්‍ය භාණ්ඩ සඟවා තබා ගන්නා ස්ථාන විමර්ශනය කර වැටලීම් සිදුකරන ලෙසද

භාණ්ඩ මිල සදහන් කර/ ප්‍රදර්ශනය කර විකිණීම තුලින් තොරතුරු දැනගැනීමේ පාරිභෝගික අයිතිය සුරක්ෂිත කරන ලෙසද

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මඟින් නිකුත් කර ඇති ගැසට් පත්‍ර පිළිබඳව විශේෂ අවධානය යොමු කර වැටලීම් සිදුකරන ලෙසද

2023 නොවැම්බර් මස 30 වන දා සිට 2024 ජනවාරි මස 15 දින දක්වා උත්සව සමය වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙළ පිළිබද කටයුතු කරන ලෙස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ සියලුම විමර්ශන නිලධාරීන් හට උපදෙස් ලබා දී ඇත.

පාරිභෝගික පැමිණිලි වෙතොත් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ කෙටි දුරකථන අංකය වන 1977 වෙත තොරතුරු ලබා දෙන ලෙස අධිකාරිය විසින් මහජනතාව වෙත දැනුම් දෙනු ලබයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments