22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeසතියේ සංවාදපාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු තේරීමේ දි. 50% ක් කාන්තා නියොජනය ලබා ලබා දිය යුතුයි.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු තේරීමේ දි. 50% ක් කාන්තා නියොජනය ලබා ලබා දිය යුතුයි.


ලංකාවේ මැතිවරණ ක්‍රියාවලීයේදී ජන අනුපාත ක්‍රමය ගැන නිවැරදි තීරණ අරගෙන නෑ. ලංකාවේ ජනගහන දෙකෝටි ගණන ක් තුලින් 52%ක් කාන්තා ව. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයේදී 52% සිටින කාන්තාව න් ගෙන් පාර්ලිමේන්තු දේශපාලන යට යොමු වන්නේ වැලි තුඩක් තරම් ප්‍රමාණයකි. අප රටේ දේශපාලන ය කරන කාන්තා වන්ට කර තිබෙන බලවත් අසාධාරණ කි. මේ තත්වය ඉදිරි මැතිවරණයේදී වෙනස් කළ යුතුයි. . මානව අයිතිවාසිකම් කම් යටතේ හො ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් යටතේ හෝ. දේශපාලන අයිති සුරක්ෂිත කිරීම යටතේ සමාජවාදී රාමුවක් යටතේ හෝ සමාන වෘත්තිය අයිතිය කාන්තාවට හිමිවිය යුතුයි. පුරුෂාධිපත්‍යට යට කළ සමානුපාතික මැතිවරණ යේ යථාර්ථය මෙය නොවෙ…
පාර්ලිමේන්තුව යනු රටක සංවර්ධන ය සකස් කරණ ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක වෙන තැනකි. මේ තත්වය මැතිවරණ කාර්‍යාලත් උත්තරීතර අධිකරණ ය හරහා උත්තරීතර තීරද අවශ්‍ය වන්නේ අපරට 1948සිට දේශපාලන ගමන අධ්‍යයනය කිරීමට අනුවයි. මෙරටේ ජනතාවගෙ කරමතින් තවත් දේශපාලන හොරු බිහි නොකල යුතුයි. මේ රට ගොඩනගන්න වීදේශ නායකයන් එපා කියූ නිසා අධිරාජ්‍යවාදීන් න් මෙරට ජන අරගල මතින් පලවා හැරියා.
සෘජු විදේශීය බලවේග එපා වූ අපේ ජනයා දේශීය නායකත්වය ඉල්ලා සර්වජන චන්ද බලයෙන් ජනතාව නියෝජනය කරන රජයක් ආණ්ඩුව ක් මෙරට ජනතාවගෙ අරමුණ වුවත් ජනතාවගේ අරමුණු ඇද වැටි ඇති වර්ථමාන දේශපාලන පිස්සු වට ජනතාව යට වී ඇතිබව පෙනියන කරුණකි .
ජාතික නිෂ්පාදනය පසෙකලා සමහර පක්ෂ ඒත් කතාකරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ආර්ථික ක්‍රමයකි..
කිසිම පක්ෂ යක් කාන්තා ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අයිති ගැන කතා නොකරයි.
පාර්ලිමේන්තුවේ බලය ගොඩනැගීමට 52% අයත් කාන්තාවගේ දේශපාලන ශක්තිය හා සංවර්ධන ක්‍රමොපායන් පාර්ලිමේන්තුවේ ශක්තිමත් කිරීම ගැන කතා නොකරන්නේ විවිධ දේහ හම් පොරවා ගත්තත් ඒ කිසි තැන ක ජනතාව අපේක්ෂා කරණ සමාජවාදී අරමුණ හො සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ගැඹුරක් නොමැති නිසයි.

පාර්ලිමේන්තුවේ කාන්තා බලය ප්‍රමානත් නැත.

එබැවින් ඉදිරියේ එලඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දැනුමෙන් ශිල්පයෙන් . කුසලතා වෙන් ඉහල අධ්‍යාපන යෙන් දේශපාලන පරිනත බවින් දූෂණය වංචාව නැති හොරකම් පසුබිම් වත් නැති ප්‍රභල කාන්තා වන් ජාතික ලැයිස්තුවෙන් පත් කර 52%මෙරට ජනතාව නියොජනය කර ණ කාන්තා නියෝජිත වරියන් තෝරා පත්කර පාර්ලිමේන්තු බලයට බල ශක්තිය ලබා දීමට හැකි මැතිවරණ ක්‍රමයක් සකස් කරණ ලෙස බලධාරීන් ගේ දෑස් විවර කරන ලෙස අර්ථ දක්වන්නේ මැතිවරණ ක්‍රමය අලුත් මුහුණුවරක් ගැනීම කාලෝචිත නිසා බැවිනි

වී මූ දිවානි හෙට්ටිගේ විසිනි. (ප්‍රධාන ලේකම්
ශ්‍රිලංකා නිදහස් ගුරු සංගමය
ගම්පහ දිස්ත්‍රික් සංවිධායිකා
හිටපු පලාත් පාලන මන්ත්‍රී)

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments