29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඉතා සූක්ෂමව මත්ද්‍රව්‍ය ජාවාරම ගෙන ගිය පුද්ගලයින් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

ඉතා සූක්ෂමව මත්ද්‍රව්‍ය ජාවාරම ගෙන ගිය පුද්ගලයින් එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

මහනුවර සංහිඳ පොලිස් පරික්ෂක නිවස්නයේ බහුකාර්ය සංවර්ධන සහයක හෙරොයින් ජාවාරමි කරමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් හා අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත.

විශේෂ කාර් ය බලකාය මහනුවර කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව මහනුවර කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී කේ.එන්.එන්. ප්‍රනාන්දු මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී අබේරත්න මහතාගේ අධීක්ෂණයෙන් මහනුවර උප පොලිස් පරික්ෂක එච්.එම්.ඒ.යු. බණ්ඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (28) මහනුවර පොලිස් වසමේ හීරස්සගල, එලගොල්ල හංදිය අසල දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී සංහිද පොලිස් පරික්ෂක නිවස්නයේ බහුකාර්ය සංවර්ධන සහයක ලෙස සේවයේ නියුතු මහනුවර, එලගොල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක පුද්ගලයකු ජාවාරමි සඳහා කාර් රථයකින් හෙරොයින් හෙරොයින් ග්‍රැම් 02, මිලි ග්‍රැම් 600 ක් කාර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මහනුවර පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

තියූණු ආයුධ සන්තකයේ තබාගෙන මත්පෙති අලෙවි කරමින් සිටි පුද්ගලයෙකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය තංගල්ල කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී එච්.යු.එන්. ද සිල්වා මහතාගේ අධික්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ මගපෙන්වීමෙන් රත්ගම පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරි වාර්ථා කර සිටින පොලිස් පරීක්ෂක එච්.පි. සරත් කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (27 ) ගාල්ල පොලිස් වසමේ නව සිඟාගලවිට, මැකුමිගොඩ පාර, බෝපේ, ගාල්ල ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී මත්පෙති 343 ක් හා තියුණු ආයුධ තහනමි කඩු දෙකක් සන්තකයේ තබාගෙන සිටි ගාල්ල, බෝපේ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

දීර්ඝ කාලයක සිට අයිස් හා හෑෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ පුද්ගලයකු විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජකාරී යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව D කලාප කණ්ඩායමේ පොලිස් පරික්ෂක එච්.ඩී.ඒ.එම්. හපුආරච්චි ඇතුළු විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන් හා සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් සමඟ (27) වැල්ලම්පිටිය පොලිස් වසමේ කොටිකාවත්ත, අංගොඩ ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05, මිලි ග්‍රෑම් 46 ක් හා හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 43, මිලි ග්‍රෑම් 900 ක් සන්තකයේ තබාගෙන සිටි කොටිකාවත්ත, අංගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments