29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ඇමැතිට බැහැ කියූ වනජීවී නිලධාරීන්ට දෙපාර්තමේන්තු විනය පරීක්ෂණයක්

ඇමැතිට බැහැ කියූ වනජීවී නිලධාරීන්ට දෙපාර්තමේන්තු විනය පරීක්ෂණයක්

රාජ්‍ය ඇමැති විමලවීර දිසානායකගේ නියෝග ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පැවසූ පොළොන්නරුව වනජීවී නිලධාරීන් දෙදෙනා සම්බන්ධව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විනය පරීක්ෂණයක් අරඹා ඇත.

වනජීවී රැකවරණය, අලිවැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩපිළිවෙළවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක කරන ලද ඉල්ලීමකට අනුව මෙම විනය පරීක්ෂණය සිදු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

ඒ අනුව, නිලධාරීන් දෙදෙනාට එරෙහි විනය පරීක්ෂණයේ මූලික කටයුතු වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (07 වැනිදා) අරඹා තිබුණි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments