29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්විපක්ෂය අයවැය ප්‍රබුද්ධ විවාදයක් කරගත්තේ නැහැ

විපක්ෂය අයවැය ප්‍රබුද්ධ විවාදයක් කරගත්තේ නැහැ

මෙවර අයවැයේ උපාය මාර්ගික යෝජනා අන්තර්ගත වුවද විපක්ෂය අයවැය විවාදය ප්‍රබුද්ධ විවාදයක් බවට පරිවර්තනය කර නොගත් බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණර්ධන පැවැසීය.

එසේම රටේ ණය වාරික සහ පොලී ගෙවීම සඳහා 2029 වර්ෂය තෙක් අසාමාන්‍ය විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඊයේ (7 වැනිදා) බත්තරමුල්ල නෙළුම් මාවතේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කීවේය.

එහිදී ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

‘‘2015 සිට ශ්‍රී ලංකාවේ කඩා වැටුණු ආර්ථිකය පාස්කු ප්‍රහාරයෙන් හා කොවිඩ් වසංගතය හමුවේ තවදුරටත් අගාධයට වැටුණා. පළමු අභියෝගය තමයි 2021 වර්ෂය වන විට ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට පහ, හය මට්ටමට ගෙන ඒම.

එක වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන හතරයි දශම පහක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් විදෙස් ණය වාරික සහ පොලිය ගෙවීමට අවශ්‍යයි.

කොවිඩ් 19 වසංගතය හමුවේ සුළු පරිමාණ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, කෘෂිකර්ම ක්ෂේත්‍ර කඩා වැටීම තුළින් ආයෝජන අනුපාත ඉහළ නංවන්නේ කෙසේද කියන අභියෝග තියෙනවා.

පෞද්ගලික අංශය වැඩියෙන් නිෂ්පාදන ක්‍රියාවලියට දායක කරගන්න අගමැතිතුමා ඉල්ලා සිටියා. බදු භීතිකාව යටතේ අලුත් ව්‍යවසායකයන් බිහි කරන්න තමයි ඒ යෝජනා ඉදිරිපත් කළේ. අපේ රටේ බදු භීතිකාවක් තියෙනවා. හුඟක් අය තමන් ඉපයූ දේවල්වලින් කොටසයි ඉදිරිපත් කරන්නේ.’’

අමාත්‍යවරුන්ට වාහන ගෙන්වීම සම්බන්ධ මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඇමැතිවරයා මෙසේ පැවසීය.

‘වාහන මදි නොවෙයි, මේ වාහන විවිධ ආකාරයට විවිධ ආයතන අතර විෂම ලෙස බෙදී ගොස් තිබෙනවා. කිසිම අමාත්‍යවරයෙක් අලුත් වාහන මිලදී ගෙන නැහැ. වාහන ලබාදීමේ රජයේ තීරණයකුත් නැහැ.

පාර්ලිමේන්තුවේ අණපනත්වලින් ලැබිලා තියෙන වරදාන, වරප්‍රසසාද වෙනත් ආකාරවලට යොදවලා තියෙනවා. උදාහරණ ලෙස අපනයන සංවර්ධන මණ්ඩල පනතට අනුව සෙස් බද්දෙන් ලැබෙන ආදායම සෙස් අරමුදලට බැර කරන්න ඕනැ. එවිට නිලධාරීන් තීරණය කරණාව මුදල භාණ්ඩාගාරයට ගන්න ඕනෑ කියලා. පසුගිය රජයේ සිටි නිලධාරින් දැනුත් ඒ තනතුරුවලම සිටිනවා. ඒ නිසා සමහර තීරණ ක්‍රියාත්මක වීමේදී පාර්ලිමේන්තුවේ අවධානය යොමු කරලා තියෙනවා. අපි මහන්සියෙන් ගොඩනැගූ ආණ්ඩුව විවිධ බලවේගවලට බිඳ දාන්න ඉඩ දෙන්නේ නැහැ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments