සෙල්ලම් පිස්තෝලයකින් සෙල්ලම් දැමීමට සැරසුනු ව්‍යාජ යුධහමුදා නිල හැදුනුම් පත් සමග පුද්ගලයන් සිව් දෙනෙකු සහ ඔවුන් මංකොල්ල කෑමට සැරසුනු ත්‍රී රෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කල කාන්තාවක් සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් සහ මුදලින් රුපියල් කෝටියක් සමග විශේෂ කර්ය බලකාය නිලධාරීන්ගේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ (විශේෂ අවි හා උපක්‍රම/ සංග්‍රාමික යතුරුපැදි) පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී රත්නවීර මහතාගේ මග පෙන්වීම මත විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කඳවුරට අනුයුක්තව දිවයිනේ සිදුවන මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හේතුවෙන් රාජකාරී යොදවා ඇති විශේෂ කාර්ය බලකායේ ආරක්ෂක සැලැස්මට අනුව D කලාප කණ්ඩායමේ පොලිස් පරික්ෂක ඒම්.ඩි.ටි. මඩපාත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ග්‍රැන්පාස් පොලිස් වසමේ අඹතලේ සේදවත්ත මාර්ගයේ නව කැළණි ගුවන් පාලම යට දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිළධාරීන් සේදවත්ත, තොටලග ප්‍රදේශයේ යතුරුපැදි සංචාර යෙදි සිටිය දී සැක කටයුතු යතුරුපැදි දෙකක් පරික්ෂා කිරීමෙන් පසු එහි සිටි එක් පුද්ගලයකු සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 370 ක් සහ ප්ලාස්ටික් පිස්තෝල අවියක්, විශේෂ බලකායේ නිළ ලංජනය සහිත සැකකරුගේ මුලකුරු සමග නම, ලේ වර්ගය සදහන් කර ඇති සුදු පැහැති තහඩු කැබැල්ලක් අමුණා ඇති මාලයක් ද තිබී ඇති අතර එම පුද්ගලයාගේ ජංගම දුරකථනය පරික්ෂා කිරිමේ දී ව්‍යජ හැදුනුම්පත් ජායාරූප හා විවිධ ආරක්ෂක අංශයන් හි නිළ ඇදුමින් ඇති ජායාරූප සදහා එම පුද්ගලයාගේ මුහුණ ඇතුලත් කර තිබි ඇති අතර වැඩිදුරටත් ප්‍රශ්ණ කිරිමේ දී ත්‍රිරෝද රථයක් මංකොල්ල කෑමට සුදානම්න් සිටින බවත් එම රථයේ විශාල මුදල් ප්‍රමාණයක් හා හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරනු ලබන බවටත් ප්‍රශ්න කිරීම් වලදී දැනුම් දී ඇත.
එම තොරතුරු වලට අනුව තොටලග නාලගම් විදියේ දී ත්‍රිරෝද රථයේ රියදුරු සමග කාන්තාවක් පැමිණි අතර එම කාන්තාව සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 06, මිලි ග්‍රෑම් 497 ක් හා රුපියල් ෙකා්ටියකට ආසන්න මුදල් සමග ඉහත සදහන් පුද්ගලයින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශණ කටයුතු සදහා ග්‍රැන්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මොවුන් වයස අවුරුදු 26 – 43 අතර වයසේ පසුවන කල්එළිය, වැල්ලම්පිටිය, උස්වැටකෙයියාව, කොළඹ 14, සහ රත්මලාන යන ප්‍රදේශ වල පදිංචි කරුවන් බවට තොරතුරු අණාවරණය විය.