22.4 C
Sri Lanka
Sunday, May 4, 2025
Homeසාහිත්‍යයසදාකල් ම මතකේ ඇත ඉසා රැදී

සදාකල් ම මතකේ ඇත ඉසා රැදී

දිවි රගමඩලෙ වේදිකාව මතට නැගී
කල මෙහෙවර රංගනයකට හදින් පෙවී
නිසගකළාප්‍රතිභා ලග හදින් මැවී
මියගියද නොමියන මිනිසාඔබයි දිවී

සිප්සත නිබද ලැබදුන්
සිසු පෙලට
අත්කරනට දැනුම නිමනොවනා බවට
තිස්සේ ම පසක් කර දුන්සිසු අපට
හදබැති පෙමින් වදිනෙමි ඔබෙ ගුණ කදට

නිබදව අප සිසුකැල
හද සේමා
ගෙන දුන් දැනුම අමිලය ගුණ කද සේමා
දිවි රගමඩලෙ රගනා නලුවන් සේමා
නැණ ගුණ බලෙන් දිරිදුනි මිතුරන් සේමා

රංගන පෞරුෂයයි චරිතයට වැදි
සදාකල් ම මතකේ ඇත ඉසා රැදී
කතා නොකර බැලුවද ඔබෙ හැගුම් පොදී
නිමා නොමැත පවසන්න ට වදන් මදී

ඉරබැස යන හැන්දෑවක දුක ලියලා
කදුලින් මතක සැමරුම් ලිවෙමි ගොතලා
වෙන්වුන බවක්කවදාවත් නැ දැනිලා
සමුගෙන ගියත් මතකයෙ ඇත ලියවීලා

කලාකෙතට පෑයු
පුන්සද සේමා
නිමානොමැත කලසේවය රන් සේමා
උදාවන දිනෙ නැත වෙන ඔබ සේමා
යලිදු හමුවෙනතුරා හිදිනෙමි ⁣පෙර සේමා

රගමඩලක පෑයු ඉරබටු තරුව
කලාකෙතට ගෙනදුන් සුන්දර මිහිර
උදා දිනිදු නැග එන
විට පවර
සදා හදවතේ ඇත මගෙ ගුරු තරුව

නිමා නොවන දිවිගමනෙ තව සැරයක්
හමුවේවා ඔබ මහ
ගුණ කන්දක්
සදා හදවතේ ඇත අපෙ දුක් කන්දක්
නැවත හමුවනතුරා සුවබර නින්දක්

ගාමිණී පිටගමිපල
ජාතික කළාකරු
ප්‍රවීණ ජායාරූප ශිල්පී
ස්ථානාධිපති (මාධ්‍ය )
විශේෂ කාර්ය බලකාය

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments