21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මේ අධ්‍යයන වර් ෂය සඳහා පාසල් කණිෂ්ඨ රතු කුරුස සාමාජිකයන් පන්සියයකට...

මේ අධ්‍යයන වර් ෂය සඳහා පාසල් කණිෂ්ඨ රතු කුරුස සාමාජිකයන් පන්සියයකට පදක්කම්

ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කොළඹ ශාඛාව මගින් 2023 අධ්‍යයන වර්ෂය සදහා පාසල් කණිෂ්ඨ රතු කුරුස සාමාජිකයන් (500) පන්සියයකට පදක්කම් පැළඳවීම (04) සිදුකෙරින.
ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජේෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්
හෝමාගම පිටිපන ජයවර්ධන පුර විශ්ව විද්‍යාලීය ශ්‍රී සෝරත ශාලාවේ මෙම උත්සවය පැවැත් විය.
ශ්‍රී ලංකා රතු කුරුස සමාජය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ එක්ව දිවයින පුරා පාසල් (500)පන්සියයකට ආසන්න සංඛ්‍යාවක පාසල් කණිෂ්ඨ රතු කුරුස කවයන් පිහිටුවා සක්‍රීයව පවත්වා ගෙන යනු
ලබයි.

මේ සඳහා පසුගිය දා පැවැත් වූ මූලික විභාගයට කොළඹ දිස්ත්‍රික්කයේ
පාසල් (44) හතලිස් හතරක් නියෝජනය කරමින්
සිසුන් (2000)දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් පෙනී සිටි බව ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය පැවසුවාය.මෙය මෙරට රතු කුරුස සමාජ ඉතිහාසයේ වැඩිම සිසු ප්‍රජාවක් රතුකුරුස මූලික විභාගයට පෙනී සිටි අවස්ථා බව ද කොතලාවල මහත්මිය පෙන්වා දුන්නාය.

මෙම රතු කුරුස මූලික විභාගය සමත් වී පදක්කම් සදහා සුදුසුකම් සැපිරූ සිසුන් අතරින් ඉහල ලකුණු ලබා සමත් වූ සිසු සිසුවියන් (500) පන්සියයකට මෙදින පදක්කම් ප්‍රදානය සිදු කෙරිණ. මෙසේ පදක්කම් පන්සියයක් එකවර එක ස්ථානයක දීු පැළඳූ ප්‍රථම අවස්ථාව මෙය බවත් විභාගය සමත් සෙසු දරු දැරියන්ට පදක්කම් පැළඳවීමේ උත්සව ඉදිරි මාසය තුළ පැවැත්වීමට බලාපොරොත්තු වන ජගත් අබේසිංහ මහතා පැවසීය.

එම අවස්ථාවට මධ්‍යම පාලක මණ්ඩල සමාජික උපාලි සිරිමාන්න මහතා, ආචාර්ය අමිල කංකානම්ගේ මහතා ,අධ්‍යාපන අමාත්‍යංශයේ විෂය සමගාමී මාර්ගෝපදේශක නියෝජ්‍ය අධ්‍යක්ෂිකා නිරෝෂා කන්නන්ගර මහත්මිය,ප්‍රවර්ධන කළමනාකරු මනෝජ් රුද්‍රිගු මහතා, කොළඹ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරු සහ ශාඛා සංවර්ධන අධ්‍යක්ෂිකා කුමාරි කොතලාවල මහත්මිය ද කොළඹ ශාඛා කමිටුවේ සාමාජිකයෝ ද එක් වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments