26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්police newsඝාතනයකට සැරසුණු ඝාතකයින් හා මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ කාන්තාවන් දෙදනකු හා...

ඝාතනයකට සැරසුණු ඝාතකයින් හා මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමේ කාන්තාවන් දෙදනකු හා තවත් අයකු එස්.ටී.එෆ්.අත්අඩංගුවට.

කොලොන්නාවේ උමගිලිය ක්‍රිඩා පිටිය අසල පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සැරසුනු වෙඩික්කරු සහ සහයකයා තියුණු ආයුධ රැගෙන තවත් අපරාධයකට සැරසී යමින් සිටියදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට


  • වැඩ බලන පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාලය මැඩලීමට ක්‍රියාත්මක කර ඇති විශේෂ මෙහෙයුම් යටතේ විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජේෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකය I හි පොලිස් පරීක්ෂක ඒ.ආර්.ජී.එච්.යූ. බංඩාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් 2023.12.13 වන දින වැල්ලම්පිටිය පොලිස් වසමේ අංගොඩ හංදියේ සිට මුල්ලේරියාව දෙසට ඇති LOLC ෆිනෑන්ස් ආයතනය අසල දී වැටලීමක් සිදුකර ඇත ඇත.

කොලොන්නාව ප්‍රදේශයේ දි පුද්ගලයකුට වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමට ගොස් ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් එය ව්‍යාර්ථව ගිය අතර එම වෙඩික්කරු සහ ඔහුට සහය වු තවත් පුද්ගලයකු ඒ සඳහා පැමිණි යතුරු පැදියත් ව්‍යාජ පිස්තෝල අවියක් හා තියුණු ආයුධ රැගෙන තවත් අපරාධයකට සැරසී යමින් සිටියදී කොලොන්නාව හා දෙමටගොඩ ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 25 ක පුද්ගලයින් දෙදෙනෙකු ජංගම දුරකථන 07 ක් ද,හෙරොයින් ග්‍රෑම් 07, මිලි ග්‍රෑම් 500 ක් ද සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිරිහාන අපරාධ කොට්ඨාශය බස්නාහිර පළාත දකුණු දිශාව වෙත භාර දී ඇත.

මෙම වෙඩික්කරු සංවිධානාත්මක අපරාධ පාතාල ක්‍රියාකාරකම් සහ ඩුබායි සැඟවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඩුබායි ධනුෂ්ක යන අයගේ ප්‍ර‍ධාන ගෝලයකු වන මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන චන්දන නමැත්තා විසින් මෙහෙයවන වෙඩික්කරුවෙකු ලෙස හදුනා ගෙන ඇත.

පුද්ගලික ආරවුලක් සහ මත්ද්‍රව්‍ය බෙදා හැරීම සම්බන්ධව ඇති වු ගැටළුවක් හේතුවෙන් 2023.12.12 වන දින වෙඩික්කරුවන් යොදවා කොලොන්නාව උමගිලිය ක්‍රිඩා පිටිය අසලදි පාන් අනුර නැමැත්තාගේ පුත්‍ර‍යා වන පිටදූව ගමගේ ශානක පැතුම් නැමැත්තා හට වෙඩි තැබීමට සුදානම් වු අවස්ථාවේ ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා එම වෙඩි තැබීම ව්‍යාර්ථවී ඇත.පසුව වෙඩික්කරු සහ සහයකයා පලාගොස් මත්ද්‍රව්‍ය ජාවාරම් කරු චන්දන නැමැත්තාගේම නවාතැනක සැගව සිටියදී වෙඩි තැබීම සිදුකර පැය විසිහතරක් යෑමට පෙර විශේෂ කාර්ය බලකය විසින් අත්අඩංගුවට ගැනීමට සමත් විය.

කොකේන් ජාවාරමේ යෙදුණ රණා විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවටගෙන තිබේ.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් වැටලීම් සිදුකර ඇත.

විශේෂ කාර්ය බලකාය පුෂ්පාරාම උප කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව හම්බන්තොට කලාපය භාර කලාප අණදෙන නිලධාරී පොලිස් අධිකාරී එච්.යු.එන්. ද සිල්වා මහතාගේ අධීක්ෂණය මත සහකාර පොලිස් අධිකාරී සම්පත් කුමාර මහතාගේ මගපෙන්වීමෙන් විශේෂ කාර්ය බලකාය පුෂ්පාරාම උප කඳවුරේ පොලිස් පරීක්ෂක යු.ඩි. සංජිව ප්‍රසන්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (12) වන දින මිදිගම පොලිස් වසමේ පාතේගම, තාප්පකොරටුව පොල්මණ්ඩලය ඉදිරිපිට දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී ජාවාරමි කිරීම සඳහා කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11, මිලි ග්‍රෑම් 880 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියක් මගින් ප්‍රවාහණය කරමින් සිටි වැලිගම, පාතේගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 ක් වන රණා නැමැති අනුවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මිදිගම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

බොරැල්ලේ රාණි මත්පෙති සමග පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි අධ්‍යක්ෂ (විශේෂ අවි හා උපක්‍රම/ සංග්‍රාමික යතුරුපැදි) පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී රත්නවීර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර ජයවර්ධනපුර කඳවුරේ පොලිස් සැරයන් 2903 මධුෂංක ඇතුළු සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් කණ්ඩායමක් (11) බොරැල්ල පොලිස් වසමේ අංක 145/155 සිවලිපුර, බොරැල්ල කොළඹ යන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී පිගැබ්ලින් (pregabalin 150 ml) මත්පෙති 108 සන්තකයේ තබාගෙන සිටි සිවලිපුර, බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බොරැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

කිඹුලාඇලේ ගුණාගේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන වැල්ලම්පිටියේ එලිසබෙත් නැමති කාන්තාව පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට.

අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි අධ්‍යක්ෂ බුද්ධි පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි සහකාර පොලිස් අධිකාරී (බුද්ධි/විශේෂ මෙහෙයුම්/මත්ද්‍රව්‍ය නාශක හා සංවිධානාත්මක අපරාධ මර්ධන) සාගර කුලසේකර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය බුද්ධි කොට්ඨාසයේ පොලිස් පරික්ෂක ආර්.ඒ.ඩී.ඒ. රණසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (11 ) වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 18/5/ඩී, මීතොටමුල්ල පටුමග, මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයේ පිහිටි නිවස ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී කොලොන්නාව ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කිබුලාඇලේ ගුණාගේ මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක වන, මීතොටමුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක කාන්තාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 07 ක් සහ විද්‍යුත් තරාදි 01 ක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments