25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්නිශාන්ත ඉදිරිසිංහ මහතා වන සංරක්ෂක ජනරාල් ධුරයට පත්කෙරේ…

නිශාන්ත ඉදිරිසිංහ මහතා වන සංරක්ෂක ජනරාල් ධුරයට පත්කෙරේ…

වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වන සංරක්‍ෂක ජනරාල් ධූරයට ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඊ.ඒ.පී.නිශාන්ත එදිරිසිංහ මහතා අද දින(12) වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්‍නිආරච්චි මහත්මිය විසින් පත් කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි විද්‍යාවේදී ගෞරව උපාධියක් ලබාගත් ඔහු 1996 වසරේදී ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ සහකාර වන සංරක්‍ෂකවරයෙකු ලෙස වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සේවයට බැඳී ඇත. ඒ මහතා දිවයිනේ විවිධ පලාත්වල දිසා වන නිලධාරීවරයෙකු ලෙසද, ශ්‍රී ලංකා වන විද්‍යායතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ලෙසද, කලාප නියෝජ්‍ය වන සංරක්‍ෂකවරයෙකු ලෙසද, ජෛව විවිධත්ව හා ජලාධාර සංරක්‍ෂණ අංශයේ වන සංරක්‍ෂකවරයා ලෙසද හා අතිරේක වන සංරක්‍ෂක ජනරාල් (වන ආරක්‍ෂණ, මෙහෙයුම් හා කළමනාකරණ) ලෙසද රාජකාරී කර වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සියලුම කාර්යයන් පිළිබඳව මනා පලපුරුද්දක් ලබා ඇති නිලධාරියෙකි.

වර්ෂ 2000දී ඒ මහතා ඉන්දියානු වන කළමනාකරණ ආයතනයේ වන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියද, වර්ෂ 2008දී නෙදර්ලන්තයේ භූ තොරතුරු විද්‍යාව සහ පෘතුවි නිරීක්‍ෂණය පිළිබඳ අන්තර්ජාතික ආයතනයෙන් භූ තොරතුරු විද්‍යාව හා පෘතුවි නිරීක්‍ෂණය පිළිබඳ විද්‍යාපති උපාධිය විශිෂ්ඨ සාමාර්ථයක් සහිතව ලබාගෙන ඇත.

ඊ.ඒ.පී.නිශාන්ත එදිරිසිංහ මහතා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ රාජකාරී කිරීමේදී වන ආරක්‍ෂණ කටයුතු, වන සංරක්‍ෂණ කටයුතු, ජෛව විවිධත්ව සංරක්‍ෂණය, වන ව්‍යාප්ති කටයුතු සම්බන්ධයෙන් කැපී පෙනෙන කාර්ය භාරයක් ඉටුකල නිලධාරියෙකු වන අතර, ඔහු වන ක්‍ෂේත්‍රයට සම්බන්ධ දේශීය හා විදේශීය ආයතනවල ප්‍රසාදයට හා ගෞරවයට පාත්‍ර වූ නිලධාරියෙකි. ඔහු දැනට වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙසද වගකීම් දරනු ලබයි. ඔහු වනාන්තර පුනරුත්තාපනය සහ තිරසර වන කළමනාකරණය පිළිබඳ ආසියා ශාන්තිකර ජාලයේ ශ්‍රී ලංකා කවුන්සිල නියෝජිතයාද වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments