වැඩබලන පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයකට අනුව අද දින සිට ආරම්භ කරන ලද දීප ව්‍යාප්ත විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුම යටතේ විශේෂ කාර්ය බළකාය විසින් ජාඇල පොලිස් බළ ප්‍රදේශයේදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ මෙරටට ගෙන්වන ලද කෝටි දෙකකට වඩා අධික වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ ග්‍රෑම් සියයකට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගන්නා ලදී .
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම වැටලීම් අඛණ්ඩව සිදුකරගෙන යන ලද අතර මෑත කාලයේ අත්අඩංගුවට ගත් විශාලතම කෙරළ ගංජා ප්‍රමාණය මෙය වේ.
විශේෂ කාර්ය බලකායේ බුද්ධිකොට්ඨාශයෙ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින්මේ වැටලීම් සිදුකොට ලදී.
අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සහ නඩු භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
අද දින සිට දීපව්‍යාප්තව අරඹන ලද මෙම වැටලීම් සඳහා වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා වැටලිම සිදුකල ස්ථානයට ද පැමිණ නිලධාරීන් දිරිමත් කරන ලදි.
ජාත්‍යන්තරය තෙක් විහිදි ඇති මත්ද්‍රව්‍ය ජාලය මැඩපැවැත්වීම සහ මෙරට තරුණ පරපුර මත්ද්‍රව්‍ය රකුසාගෙන් මුදවා ගැනීම සදහා මෙම මෙහෙයුම් අඛණ්fඩව ම සිදුකරන ලෙසටවැඩ බලන පොලිස් පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් උපදෙස් ලබා දී ඇත.
