25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පරීක්ෂණ අවසන්වනතුරු හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා කැබිනට් මණ්ඬලයෙන් ඉවත්කරනු- සෞඛ්‍ය වෘත්තීකයින්ගේ ජාතික ව්‍යාපාරය

පරීක්ෂණ අවසන්වනතුරු හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා කැබිනට් මණ්ඬලයෙන් ඉවත්කරනු- සෞඛ්‍ය වෘත්තීකයින්ගේ ජාතික ව්‍යාපාරය

තම පාලන කාලය තුළ සිදුවූ සෞඛ්‍ය දූෂණ සම්බන්ධ එල්ලන වන චෝදනාවලට පිළිතුරු ලබා දීමට තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන්නයි
තමා හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අභියෝග කරන බව වෛද්‍ය හා සෙවන අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ (19) කොළඹ පැවැති සෞඛ්‍ය වෘත්තීකයින්ගේ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවකට එක්වෙමින්ය.

ඇමැතිවරයා යෝජනා කරන ඕනෑම මාධ්‍ය නාලිකාවකට
පැමිණීමට තමා සූදානම් බවද ඔහු ප්‍රකාශ කරයි.

එසේම ප්‍රශ්න සහගත ගනුදෙනුව සම්බන්ධයෙන් දැනට අධිකරණයේ හෙළිවන තොරතුරු වලට අනුව යට භාජනය වන හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා තම කැබිනට් මණ්ඬලයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කොට ජනාධිපතිවරයාගේ පාරදෘශ්‍ය භාවය ප්‍රදර්ශනය කළ යුතු බවද ඒ මහතා සඳහන් කළේය.

දේශපාලනමය බලපෑම් මත හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ඡන්ද ගුප්ත කැබිනට නිර්දේශ සහ ජනාධිපතිවරයාගේ නියෝග පවා නොසලකා ඇති බව දැන් අධිකරණය හමුවේ එළිවන බවත් ඒ තත්ත්වය රට සියලුම රාජ්‍ය නිලධාරීන්ට ඉගෙන ගැනීමට අවස්ථාවක් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ්
මහතා…….

ඊයේ දවසේදී සිරගත වෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පමණක් නෙවේ, සමස්තථ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියම සිරගත වුණා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන හොරකමේ කථාව තවම සම්පූර්ණ නැහැ

ඊයේ දවසේදී හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට පත් වෙනවා.

මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරනවා හිටපු සෞඛ්‍ය ලේකම්වරයාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන පිළිබඳ අතිරේක ලේකම් වරයාගේ කාර්යාලය සීල් තැබීමටත්, එහි ලිපිගොණු පරීක්ෂා කිරිමට අධිකරණය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෙත සෝදිසි වරෙන්තුවක් නිකුත් කරණු ලැබුවා.

ඊයේ දවසේදී හිර ගත වෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා විතරක් නෙවේ, මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයම ඊයේ හිරගත වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියම ඊයේ සිරගත වෙනවා.

මේක තනි පුද්ගලයෙක් කරපු හොරකමක් නෙවේ. හිටපු සෞඛ්‍ය ලේකම්වරයා මේ ඉරණමට ලක්වෙන්නේ හොරකම හොඳට කරගෙන යන්න අසමත් වෙච්ච නිසා මිස, පරිපාළණ දුර්වලතාවයක් නිසා නෙවේ. ඒ නිසාම මේකට උත්තරය, තාක්ෂණික හොරකම හොයාගන්න බැරිවෙන විදිහට කරගෙන යන්න පුළුවන්, සායනික විශේෂඥයෙක් සෞඛ්‍ය ලේකම් පුටුවේ ඉන්නදවන එක නෙවේ.

සෞඛ්‍ය ලේකම් වරයාගේ පත්වීමේ ලිපියේ තියෙනවා එයා ඇමැතිවරයාගේ නියෝග සහ උපදෙස් පරිදි තමයි වැඩ කරන්න ඕන කියලා. ඒ වගේම, නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යලි යලිත් අවධාරණය කරනවා මේ නඩුව සම්පූර්ණයෙන්ම ලිඛිත සාක්ෂි පදනම් තීරණ ගන්න තරමට ශක්තිමත් කියලා.
නමුත් අපිට විශාල බයක් තියනවා මෙතනින් එහාට සිදුවන ක්‍රියාවලියේදී මේ ‘හොරකමේ කථාව’ විකෘත්ති වෙයි කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩ කරපු යාන්ත්‍රණයට අදාලව ලේකම්වරයාගෙන් පහළට සියලුම නියෝග සඳහා ලිඛිත ක්‍රමවේදයක් තිබුණත්, ඇමතිවරයාගෙන් ලේකම්වරයාට නියෝග එන විධිමත් ලිඛිත ක්‍රමවේදයක් නෑ. එහෙම තිබුණත් ලේකම්වරයා බලපෑම්වලට යටත්ව වැඩ කරපු කෙනෙක් නිසා, ඒ බලපෑම් වලට අදාලව ලිඛිත සාක්ෂි කවදාවත්ම හොයා ගන්න ලැබෙන එකක් නෑ.

සිරගත වුණු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වැඩ කලේ සම්පූර්ණයෙන්ම ඇමතිවරයාගේ අණසකට යටත්ව නිසා එහෙම සටහනක් සොයාගන්න බැරිවීම නිසා, මේ හොරකමේ එක කොටසක් මගහැරෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඒ තත්වය ඒක වෙනස් කරන්න නම් සෞඛ්‍ය ලේකම්වරයාට මේ වෙලාවේ සෞඛ්‍ය සේවාවේ අනාගතය වෙනුවෙන් පැවරෙන අවසාන යුතුකමක් තිබෙනවා.

අපි ඔහුගෙන් ඉල්ලනවා, මේ කථාවේ නිවැරදි එකම අපිට තේරුම් කරලා දෙන්න.

මේ හොරකමට අදාළව ලිඛිත නොවන බලපෑම් ආපු විදිය, ඒවා කරපු අය පුළිබඳව හෙළිදරව් කරන්න කියලා අපි රක්ෂිත බන්ධනාගාරයේ ඉන්න හිටපු ලේකම් තුමාගෙන් ඉල්ලනවා.

පරිපූරක වෛද්‍ය වෘත්තීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ ප්‍රධාන ලේකම්

චානක ධර්මවික්‍රම මහතා………සෞඛ්‍යයේ කරපු හොරකම් වංචා දූෂණ තව ගොඩක් තියනවා.ඉක්මනටම ඒවත් අල්ලමු.

මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට රටට ස්වර්ණමය යුගයක් කියල අපි කියන්නේ. මොකද කවදාවත් වෙච්ච නැති විදියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ කරපු මහ හොරකමක් අහුවෙලා තියෙන්නේ. මේ වෙලාවේ මේ හොරකම කරපු මහ මොළකරුවෝ පොඩි මොළකරුවෝ ටික අල්ලගත්තොත් රටේ රාජ්‍ය නිලධාරීන්ට ඉදිරියට මේ වගේ දේවල් කරන්න බැරි වෙනවා.රටේ ජනතාවට නැවත සෞඛ්‍ය සේවාව ගැන විශ්වාසයක් ගොඩ නැගෙනවා.

එහෙම නැති උනොත් මේ රට කවදාවත් දියුණු කරන්නවත් වංචාව දූෂණය නැති කරන්නවත් බැරිවෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කරන තාක්ශණික හොරකම් කරන්නේ ඒකටම සුදුසු වටපිටාවක් සකස් කරගෙන. ඒකේදි ගොඩක් වෙලාවට කරන ප්‍රසම්පාදන කටයුතු වලදි තාක්ශණික ඇගයීම් කමිටුවලට අවසන් භාවිතාකරු (End Users) සම්බන්ධ කරගත්තෙ නෑ. එහෙම කරපු මිලදීගැනීම් වල යන්ත්‍ර සූත්‍ර සමහරක් ඒවා භාවිතාකරන්න බෑ නැත්නම් මේ වෙනකොටත් භාවිතාවෙන් ඉවත් කරලා.තමන්ගේ සාක්කු පුරෝගත්තේ රටේ මුදල් නාස්ති කරලා.
හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අහුවුනේ එයාට මේ ගේම් එක හරියට ප්ලේ කරන්න බැරිවෙච්ච හින්දා.එයා හරියට ප්ලේ කරා නම් එයා අහුවෙන්නෙත් නෑ. මේ සිද්ධියත් එක්ක දැන් සමහර අය කියනවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තනතුරට වෛද්‍යවරයෙක් හැරෙන්න වෙන කෙනෙක් පරිපාලන සේවාවේ නිලධාරීයෙක් ගැලපෙන්නේ නෑ කියලා. එහෙම කරන්න හදන්නේම සෞඛ්‍ය අමාත්‍යාංශය ඔය කියන පුද්ගලයන්ට ඕන විදියට කරගෙන යන්න ඕන හින්දා.

පහුගිය කාලෙ වෘත්තිකයන් විදියට අපි මේ වංචා දූෂණ ගැන හෙලිකරලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලුවා ඒව ගැන විමර්ශනය කරන්න කියලා. ඒත් එයාලා කලේ එහෙම හෙලිදරව් කරපු සංගම් නායකයන්ට වෘත්තිකයන් එරෙහිව විනය පරීක්ශණ ආරම්භ කරලා දඩුවම් කරපු එක.වෘත්තිකයන්ට සිද්ධවුනේ හොරාගේ අම්මගෙන් පේන අහුව වගේ වැඩක්. ඔන්න ඔහොම තමයි සෞඛ්‍ය අමාත්‍යාංශය මෙච්චර කල් වැඩකලේ.

දැන් මේ සිද්ධි ජනමාධ්‍ය මගින් හෙලිදරව් වෙනවත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොක්කන්ට කරන්න දෙයක් නැති වෙලා තියෙන්නේ.

අපි මේ වෙලාවේ රජයෙන් , නව සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඉල්ලා හිටිනවා කඩිනමින් පහුගිය කාලේ කරපු අනෙකුත් වංචා දූෂණ ගැනත් මේ වෙලාවේ විමර්ශන ආරම්භ කරන්න කියලා.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments