22.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsකුරියර් සේවාව මගින් මත්ද්‍ර‍ව්‍ය අලෙවි කරන යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ සිසුවෙකු...

කුරියර් සේවාව මගින් මත්ද්‍ර‍ව්‍ය අලෙවි කරන යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ සිසුවෙකු පොලිස් විශේෂ කාර් ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.

විශේෂ කාර් ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි මෙම සියලු අත්අඩංගුවට ගැනීම් හා වැටලීම් සිදුකර ඇත.
විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී ඩී.පී.යු. කොඩිතුවක්කු මහතාගේ අධීක්ෂණයෙන් යාපනය කඳවුරේ උප පොලිස් පරික්ෂක එචි.ඩි.කේ. විතාරන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19) කෝපායි පොලිස් වසමේ දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී නීති විරෝධී මත්පෙති 11ක් සහ මදනමෝදක ගුලි 45 ක් සන්තකයේ තබාගෙන කුර්යර් සේවාව මගින් මත්ද්‍ර‍ව්‍ය අලෙවි කරන යාපනය විශ්ව විද්‍යලයේ වෛද්‍ය පිඨයේ 03 වන වසරේ ඉගෙනුම සියඹලාවැව, රූඹෑව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 ක සිසුවෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

මහාපරිමාණයෙන් මත්කරල් අලෙවි කල මන්නාරම ප්‍රදේශයේ ධීවරයින් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර්ය බලකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී කේ.ජි.ජි.ජි. නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් මන්නාරම කඳවුරේ පොලිස් පරික්ෂක ජේ.ඒ.ජි.එම්. ජයසිංහ ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (19 ) මන්නාරම පොලිස් වසමේ තෝඩ්ඩවේලි ක්‍රිස්තියානි පල්ලිය අසල දී වැටලීමක් සිදුකර ඇත.

එහි දී PREGAB 150MG වර්ගයේ මත් කරල් 18,000 ක තොගයක් සමග ජාවාරමේ යෙදුනු මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 19 ක සහ 26 ක් වන ධීවරයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments