25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මහර බන්ධනාගාර සිද්ධිය පිළිබදව කමිටු අතුරු වාර්තාව අධිකරණ ඇමතිට භාර...

මහර බන්ධනාගාර සිද්ධිය පිළිබදව කමිටු අතුරු වාර්තාව අධිකරණ ඇමතිට භාර දෙයි .

පසුගියදා මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය පිළිබදව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් පත් කළ කමිටුවේ අතුරු වාර්තාව එම කමිටුව විසින් අද පස්වරුවේ (2020.12.07) අධිකරණ ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා වෙත භාරදීම සිදු විය.

කමිටුවේ සභාපතිනි හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජිනී වීරවර්ධන මහත්මිය විසින් අදාළ අතුරු වාර්තාව අමාත්‍යතුමා වෙත භාරදීම සිදු කළ අතර මෙම අවස්ථාවට බන්ධනාගාර හා සිරකරුවන් පුනරුත්ථාපන අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සහ කමිටුවේ සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රෝහන හපුගස්වත්ත හිටපු බන්ධනාගාර කොමසාරිස් ගාමිණි ජයසිංහ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල් .රණවීර යන මහත්වරුන්ද සහභාගි විය.

අදාළ කමිටුව පුර්ණ වාර්තාවක් මසක් තුළ ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

එහිදි අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා මෙසේ සදහන් කළේය.

මෙම සිද්ධිය පිළිබදව පරීක්ෂණ කිහිපයක් සිදු වෙනවා.අමාත්‍යාංශය වශයෙන් අපි පරීක්ෂණ මණ්ඩලයක් පත් කළා .අපි මේ පිළිබදව පුර්ණ වාර්තාවක් ඉල්ලුවා.මේ වගේ සිද්ධි ඉදිරියේදී සිදු නොවීමට අපි කටයුතු කළ යුතුයි.මේ පිළිබදව පාර්ලිමේන්තුවට අපි වාර්තා කළ යුතුයි.කොවිඩ් 19 වෛරසයේ දෙවන රැල්ල බන්ධනාගාරය තුළ ව්‍යාප්ත වු පසු 2020 ඔක්තෝම්බර් 12 දින වන විට බන්ධනාගාර තුළ සිරකරුවන් 32200 ක් හිටියා .නමුත් 2020.12.05 වන විට එය සිරකරුවන් 26364 ක් දක්වා අඩු කර තිබෙනවා.දින කිහිපයක් තුළ 6000 ක් අපි නිදහස් කර තිබෙනවා. සමස්ත බන්ධනාගාර පද්ධතිය තුළ පවතින ක්‍රමවේදය පිළිබදව සලකා බැලිය යුතුයි.මත් ද්‍රව්‍ය වලට යොමු වුවන් පුනරුත්ථාපනය කිරීම අපේ අරමුණයි.සමස්ත බන්ධනාගාර පද්ධතියම යහපත් කිරීම සිදු කළ යුතුයි.

සිර කදවුරු වෙනුවට පුනරුත්ථාපන කදවුරු ඇති කර විශේෂයෙන් මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වු අය ඒ තුළින් මුදවා ගැනීම සිදු කළ යුතු වෙනවා.ඔවුන් පුනරුත්ථාපනය කර සමාජ ගත කළ යුතුයි යැයි ද පැවසීය.

අධිකරණ අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන යාම පිලිබදව මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මෙසේ සදහන් කළේය.

20 වන ව්‍යවස්ථා සංශෝධනය සමග ශ්‍රේෂ්ඨාධිකරණයට විනිසුරුවරුන් 14 ක් පත් කළා.ඒ සමග අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරිම සිදු කළ යුතුයි.මේ පිළිබදව අධිකරණ සේවා කොමිෂන් සභාව ඇතුළු නිලධාරීන් මා සමග සාකච්ඡා කළා.ඔවුන් යෝජනා කළා අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන ගොස් සහාය ලබා දෙන්න කියලා.ඒ අනුව අපි කරන්න පුළුවන් හොදම දේ විදිහට අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙන යන්න තිරණය කළා.මොකද මෙම ස්ථානයේ සියලු පහසුකම් පවතිනවා.නමුත් අපි ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට අධිකරණ අමාත්‍යාංශය වෙනත් ස්ථානයකට ගෙනයන්න තීරණය කළා.මේ සදහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබෙනවා.අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිරියේදී ඉදි කර හැකි ඉක්මනින් අමාත්‍යාංශය එම ස්ථානයට ගෙන ඒමට නියමිතයි.අමාත්‍යාංශය ගෙන යාමේ වෙන කිසිම අරමුණක් නැහැ.අපි අමාත්‍යාංශය වෙනත් ස්ථානයකය ගෙන ගොස් සිදු කර තිබෙන්නේ පරිත්‍යාගයක් බව කිව යුතුයි.මේ පිළිබදව ගනු ලැබුවේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ගයක් බව  අමාත්‍යවරයා සදහන් කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments