22.4 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්පෑලියගොඩ එළවළු වෙළඳපොළේ කඩකාමර කොළඹ නගර සභාව සමග ගනුදෙනු කර තිබෙන වෙළඳ...

පෑලියගොඩ එළවළු වෙළඳපොළේ කඩකාමර කොළඹ නගර සභාව සමග ගනුදෙනු කර තිබෙන වෙළඳ මහතුන්වෙත පමණක් ලබාදෙන්න

පෑලියගොඩ එළවළු වෙළඳපොළේ කඩකාමර ලබාදීමේදී පිටකොටුව මැනිං වෙළඳපොළේ ව්‍යාපාර කටයුතු කරමින් කොළඹ නගර සභාවත් සමග ගනුදෙනු කර තිබෙන වෙළඳ මහතුන්වෙත පමණක්  කඩකාමර ලබාදෙන ලෙස සිමාසහිත ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං පොදු වෙළෙඳපොළ සංවිධානයේ ජාතික සංවිධායක එච්.එම්.උපසේන මහතා ප්‍රකාශ කරයි. 

මේ සම්බන්ධයෙන් ‘දිනමිණ‘ සිදුකළ විමසුමකදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද කීය...... මේ සම්බන්ධයෙන් යෝජනා නාගරිකසංවර්ධන අධිකාරිය වෙත ලබාදී තිබෙන අතර දැනට පිටකොටුව මැනිං වෙළඳපොළේ වර්ග අඩි පනස් හයකට වැඩි කඩ තිබුණු අයට  නව වෙළඳ සංකිර්ණයෙන් ලොකු  කඩයක් ලබාදෙන ලෙස. 2011 මැයි මාසයේ (24) මේ ගැන සාකච්ඡාවක් පැවැති අතර එහිදි අප ලබාදුන් ලැයිස්තුවට කඩකාමර දුන්නත් නිවැරැදියි. 


මාර්කට් එකේ පෙට්ටි කඩ කියලා වර්ගයක් තියෙනවා ඒවා තියෙන්නේ එළවළු විකුණනන්න නොවේ. ඒ අයටත් දැන් බලපත්‍රයක් ලබාදි තියෙනවා. කඩයක් දුන් පළියට දීලා වැඩක් නැහැනේ ඒ මනුස්සයට සිය ව්‍යාපාරය එතැන ගෙන යන්න ඉඩකඩ අවශ්‍යයි. එහෙම දෙයක් දැන් සළකලා නැහැ අන්තිම අසාධාරණ ලෙසයි දැන් කඩදීලා තියෙන්නේ ඒ මදිවට අලුත් නාම ලේඛනයකුත් මිට ඇතුළත් කරලා. 

මෙහිදි අපිට සාකච්ඡාවක් දීලා තීරණයක් පැමිණියා පළතුරු  වෙළඳ මහතුන් උඩු මහලට යවන්න කියලා ඊට සියලු දෙනා කැමැතිවෙලා ඉන්නවිට දැන් එයට කුමන්ත්‍රණකාරි ලෙස විරුද්ධ මතයක් දැන් කිහිප දෙනකු ඊට අකමැතියි. මේ සම්බන්ධයෙන් පැවැති උද්ඝෝෂණයේදී පළතුරු විකුණන අය උඩට යන්න කැමැති වෙලයි සිටියේ. මේවට දැන් විවිධ බූවල්ලු මතුවෙලා මේ වැඩේ අණන තත්ත්වයක් ඇති කරලයි තියෙන්නේ. නාගරික සංවර්ධන අධිකාරිය සාධාරණ ලෙස නීතියට තීරණයක් අරගෙන කටයුතු කරන්නෙත් නැහැ අපිට තීරණයක් අරගෙන කටයුතු කරන්න දෙන්නෙත් නැහැ. මෙයින් ගොවියාත් , වෙළෙන්දාත් සමග පාරිභෝගිකයා අන්ත අසරණ වෙලා තියෙනවා. අපි පිටකොටුවේදී කොළඹ නගර සභාවට මාසයකට උපරිමය රුපියල් එක්දහස් පන්සීයක් ගෙවු අතර දැන් එය උපරිම විසිපන්දහස දක්වා වැඩිවෙලා තියෙනවා. මෙහි භාගයේ කඩවලට දොළොස්දහසක් ගෙවිය යුතු අතර රුපියල් ලක්ෂ පහේ තැන්පතුත් ඉල්ලනවා. මේවා කතා කළාට උත්තරයක් දෙන්න පුළුවන් අයෙකුත් නැහැ. 

පළතුරු කඩ සියල්ල උඩුමහලට දමන්න. වර්ග අඩි පනස් හයට වැඩිය එළවළු තොගවෙළඳාම කරපු අයට තනි ලොකු කඩයක් දෙන්න ඊට අඩුවෙන් තියෙන අයගේ ඉල්ලුම අනුව කඩ භාග දෙන්න. පරණ ගෝනි විකුණමින් කුඩා කඩ දෙකක් කරපු අයකුට ලොකු කඩ දෙකක් මේ කුසපත් ඇදීමෙන් ලැබි තියෙනවා. මේ කුසපත් ඇදිම අන්තිම අසාර්ථක වෙලා තියෙනවා. ඇත්තෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය අංක එකට කරන්න තිබුණේ ඉදිරිපත්වු ලැයිස්තුවේ තිබෙන නම් තිබෙන අයට කඩකාමර තිබුණද ඒ අය කොහොමද නගර සභාවත් සමග ගනුදෙනු කරලා තිබුනේ කියලා බලලා ඒ අයව තමයි කුසපත් ඇදී මට ඇතුළත් කරන්න තිබුණේ. මේවා බැලුවේ නැති නිසා කිසි දෙයක් නැති අයටත් කඩකාමර ලැබිලා තියෙනවා. මේ අණලා තියෙනවා. සභාපති මේ ඇණිල්ලට එකතුවෙලා තියෙනවා. සභාපති කව්ද කියලා  ආණ්ඩුවේ බලධාරීන් සොයා බලන්න අවශ්‍යයි. 

පිටකොටුවේ කඩ 1192 ක් සිටි අතර පෑලියගොඩ කඩවැඩවීමක් වෙලා නැහැ. පහත මහලේ කඩ හාරසිය හතළිස් හතරක් තියෙනවා. ඒක දෙකට දෙකට බෙදලා අටසිය අසුඅටක් කරලා තවත් අයට බෙදන්න තමයි බලධාරීන් සූදානම් වෙන්නේ. ඒ නිසා මේක අච්චාරුවක් නොකර අපේ දසදෙනාගේ කමිටුවත් සමග විතරක්ම  එක්ව මේ කටයුත්ත සාධාරණව කරන ලෙස අපි බලධාරින්ගෙන් ඉල්ලනවා. 
RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments