කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කළ දින 20 ක් වයසැති බිලිඳෙකු කොවිඩ්-19 වයිරසය ආසාදිත වී අද (08) සවස මිය ගිය බව රෝහල් අධ්‍යක්ෂක ජී. විජේසූරිය මහතා පැවසීය.
බිලිඳා අද අලුයම 4.00 ට පමණ අසාධ්‍ය තත්වයෙන් රෝහලට ඇතුළත් කර ඇති අතර නිව්මෝනියාව රෝගී තත්වය උත්සන්න වී හුස්ම ගැනීමේ අපහසුතාවය තිබී ඇත. වෛද්‍යවරුන් බිළිඳාට කෘතිම ස්වසනය ලබා දී තිබු බව අධ්‍යක්ෂවරයා කීය.
එම බිලිඳා පී.සී.ආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් අනතුරුව කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණ වූ බවත් අධ්‍යක්ෂවරයා කීය.
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාබාලතම තැනැත්තා මෙම බිලිඳා බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.