24.6 C
Sri Lanka
Tuesday, May 6, 2025
HomeTOPමේ වනවිට රජයේ රෝහල් පද්ධතිය නැවතත් ක්‍රමයෙන් සේවා බිදවැටීමක් සිදුවෙමින් පවතින අතර...

මේ වනවිට රජයේ රෝහල් පද්ධතිය නැවතත් ක්‍රමයෙන් සේවා බිදවැටීමක් සිදුවෙමින් පවතින අතර පෙට් ස්කෑන් පරීක්ෂණ සඳහා මාස 4 ක පමණ පොරොත්තු ලේඛනයක් පවතී.

මේ වන විට පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන පිළිකා ප්‍රතිකාර ඒකකවල යන්ත්‍ර විඳවැටීමක් දැකිය හැකිය.
අපේක්ෂා රෝහලේ පිළිකා ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන ලීනියර් ඇක්සලරේට යන්ත්‍ර 5ක් තිබෙන අතර ඉන් 2ක් මේ වනවිට බිදවැටී ඇත.
ඉන් එක් යන්ත්‍ර අර කටයුතු සිදු කිරීම සඳහා භාවිතා කරන යන්ත්‍රයයි.දිනකට කුඩා දරුවන් දොළහක් පහළොවක් අතර ප්‍රමාණයකට පිළිකා ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබන අතර මේ වන විට එම ප්‍රතිකාර කටයුතු අඩාල වී ඇත.එම යන්ත්‍රයෙන් දිනකට රෝගීන් හැත්ත පහක් අනුවක් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබයි.
යන්ත්‍රයෙන් දිනකට රෝගීන් හැටක් 75ක් අතර ප්‍රමාණයක් ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබයි.
මහරගම පිළිකරෝහලේ දිනකට රෝගීන් හාරසිය විස්සකට ආසන්න ප්‍රමාණයකට විකිරණ ප්‍රතිකාර කටයුතු සිදු කරනු ලබයි.
පිලිකා රෝගීන්ට යන්ත්‍ර යෙන් ප්‍රතිකාර කටයුතු කිරීමට පෙර එම යන්ත්‍රය ටම අදාල වන පරිදි ප්‍රතිකාර සැලසුම් කිරීමක් සිදුකරනු ලබන අතර එය වෙනත් යන්ත්‍රයකට ප්‍රතිකාර කිරීමේ හැකියාවක් නොමැත.

යම් හෙයකින් එම යන්ත්‍රය බිඳවැටීමක් සිදුවුණොත් වෙනත් යන්ත්‍රයකට යොමු කිරීමට පෙර නැවත ප්‍රතිකාර සැලසුම් කිරීමක් කළ යුතුවේ.

ඊට අමතරව ලංකාවේ රජයේ රෝහල් පද්ධතිය තුළ පෙට් ස්කෑන් පරීක්ශණ සිදුකරන ඒකක දෙකක් තිබෙන අතර එක් යන්ත්‍රයක් ශ්‍රී ලංකා ජාතික රෝහලේ සහ අනෙක් යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලේ ස්ථාපනය කර ඇත. දැනට මාස දෙකක් තිස්සේ මෙම ආයතන දෙක තුළම පෙට්ස් කෑන් පරීක්ෂණ නතර වී ඇත.
ශ්‍රී ලංකා ජාතික රෝහලේ පෙට්ස් කෑන් යන්ත්‍රයේ නඩත්තුව සඳහා පරීක්ෂණ නතර වී ඇති අතර අපේක්ෂා රෝහලේ පෙට් ස්කෑන් පරීක්ෂණ නතර වී ඇත්තේ එම පරීක්ෂණ සිදු කිරීමට අදාළ FDG ඖෂධය සැපයීම නතරවීම හේතුවෙනි. අවසන් වරට ඔක්තෝබර් 18 වැනිදා පරීක්ෂණ සිදුකර ඇති අතර සැපයුම්කරු ඖෂධ ලබා දීම නතර කිරීම හේතුවෙන් රෝගීන් දැඩි අසරණතාවට පත්ව ඇත.
පුද්ගලික අංශයෙන් පෙට් ස්කෑන් පරීක්ෂණයක් සිදු කිරීමට රුපියල් ලක්ශ දෙකහමාරක් තුනක් අතර මුදලක් වැය කිරීමට සිදුවේ.
පෙට්ස් කෑන් පරීක්ෂණයක් මගින් පිළිකා රෝගියෙකුගේ පිළිකාවේ වර්ධනය සහ එහි පැතිරීමේ ප්‍රමාණය හඳුනා ගැනීමට හැකි වන අතරම පිළිකා රෝගියෙකුට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව එම පිළිකාව නැවත වර්ධනය වීමක් සිදුවන්නේ ද යන්න සොයා ගැනීමට හැකියාව ලැබෙයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments