26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්විදේශයන්හි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාලය මෙහෙයවන අපරාධකරුවන් තිස් දෙනෙකු අත්අඩංගුවට...

විදේශයන්හි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාලය මෙහෙයවන අපරාධකරුවන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන කඩිනමින් මෙරටට ගෙන ඒමට කටයුතු කරනවා- ඇමැති ටිරාන් අලස්

විදේශයන්හි සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් හා පාතාලය මෙහෙයවන අපරාධකරුවන් තිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන කඩිනමින් මෙරටට ගෙන ඒමට කටයුතු කරනවා.මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා.
කිරිඳිවැල සතුටු පවුල අධ්‍යාපනික හා වෙළඳ ප්‍රදර්ශන සැණකෙළියේ සමාරම්භක උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයාමෙම අදහස් පළ කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
” මෙරට පාතාල සාමාජිකයන් වැඩි පිරිසක් සැඟවී සිටින්නේ ඩුබායි රාජ්‍යයේ. ඊට අමතරව ප්‍රංශයේ හා තවත් රටවල් රැසක් සිටින පාතාල සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්‌ අඛණ්ඩව ක්‍රියාත්මක කර තිබෙනවා. මේ වන විට ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා උසාවියෙන් රතුවරෙන්තු පවා ලබාගෙන තිබෙනවා. දැනට ඩුබායි රාජ්‍යයේ පාතාල සාමාජිකයන් 29 දෙනෙක් හා ප්‍රංශයේ සැඟවී සිටින එක් පාතාල සාමාජිකයකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවී තිබෙනවා.ඔවුන් අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමට එම රටවල් සමඟ සාකච්ජා සිදු කෙරෙමින් පවතිනවා, නමුත් ඒ රටවල පවතින නීතිමය තත්ත්වයන් සමඟ ඒ කටයුතුවලට යම් කාලයක් වැය වනවා.
යුක්තිය වැඩසටහනට බාධා කරන පිරිස් මෙය නතර කරන බවට විවිධ ප්‍රචාර සිදු කලත් අප කිසිසේත්ම මෙම මෙහයුම නතර කරන්නේ නැහැ.කවුරුන් බාධා කළත් ඉදිරි මාස හය තුළ රටතුළ පාතාලය හා කුඩු ජාවාරම සම්පූර්ණයෙන්ම මැඩපවත්වන ඉලක්කය අප ජයගන්නවා.
ඒ තුලින් රටේ විශාල පරිවර්තනයක්‌ සිදුවනු ඇති බව මට විශ්වාසයි.මා මෙම අමාත්‍යධුරයේ කටයුතු කරන තාක් පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගතහැකි උපරිම පියවර ගන්නා බවට මම සහතික වනවා.”

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා,රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මිලාන් ජයතිලක, සුමිත් උඩුකුඹුර, තිස්ස කුට්ටිආරච්චි, කුමාරසිරි රත්නායක,රාජිකා වික්‍රමසිංහ,මංජුලා දිසානායක, මුදිතා ප්‍රසාන්ති යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments