22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදෙස් රැකියා...

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදෙස් රැකියා සඳහා බඳවා ගැනීම සිදුකළ පුද්ගලයකු කාර්යාංශයේ විශේෂ විමර් ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඩුබායි රාජ්‍යයේ රූපලාවණ්‍යාගාරවල පිරිසිදු කරන්නියන් වශයෙන් කාන්තාවන් බඳවාගන්නා බවට ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළකර ඇති බවට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා වෙත තොරතුරක් වාර්තා වී තිබේ. ඒ පිළිබඳව අමාත්‍යවරයා විසින් කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය දැනුවත් කර ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් උපාය දූතයෙකු මාර්ගයෙන් අදාළ ජාවාරම්කරු සමග සම්බන්ධ වී තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම (24) සිදුවි ඇත.

ජාවාරම්කරු විසින් කුරුණෑගල රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් එම රැකියා අවස්ථා ලබා දෙන බවට දන්වා තිබේ. අදාළ රැකියාව සඳහා බඳවා ගැනීම සිදුකිරීමට මහනුවර, වෙළෙඳ සංකීර්ණය අසලට පැමිණෙන ලෙස ජාවාරම්කරු විසින් දන්වා ඇති අතර, උපාය දූතයා සමග කාර්යාංශය විමර්ශන නිලධාරීන්ද එම ස්ථානයට ගොස් තිබේ. ජාවාරම්කරු එම ස්ථානයට පැමිණීමත් සමග ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් විසින් මහනුවර අම්පිටිය ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා සඳහා බඳවා ගැනීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගත් සැකකරු (25) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ. වැඩිදුර නඩු විභාගය 2024.03.28 දින කැඳවීමට නියමිතය.

විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බදවාගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments