සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධාන තනතුරු රැසක් බූදල් වෙලා. ඖෂධ අධිකාරියට ප්‍රධාන විධායකයෙක් නෑ. තත්වපාළණ රසායනාගාරයට අධ්‍යක්ෂක කෙනෙක් නෑ. සැපයීම් අංශයේ ප්‍රධාන තනතුර දෙකම හිස්. පරිපූරක වෛද්‍ය සේවාවේ සියළු කළමනාකරණ තනතුරු හිස්ක කුලේ ලෙඩේට, පිටේ බෙහෙත් බඳින්නේ නැතුව, ප්‍රධාන සෞඛ්‍ය කළමනාකරණ තනතුරු වලට වහාම පත්වීම් කරන්න
සෞඛ්‍ය සේවාවේ රෝගය කළමනාකරණ දුර්වලතාවය වුණාට, විෂය දැන දැනම ඔවුන් ප්‍රතිකාර කරන්න හදන්නේ රෝග ලක්ෂණ වලට විතරමයි. ඒක ලොකු බොරුවක්.
සෞඛ්‍ය කළමණාකරුවන් පත් කරණ ක්‍රමය, ඔවුන්ගෙන් අපේක්ෂිත සුදුසුකම් හා හැකියාවන් මනින ක්‍රමය සෞඛ්‍ය කළමණාකරණයේ ප්‍රධාන දුර්වලතාවයක්. ඊටත් වඩා භයානක තත්වයක් ඇතිවීමට හේතුව, එම කළමනාකරණ තනතුරුවලට පවා නිසි ලෙස පත් කිරීම් සිදු නොකිරීමයි.
මේ වනවිටත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු සේරම ටික දෙතුන් දෙනෙකුගේ බූදලයක් වෙලා. ප්‍රධාන රෝහල් ගණනාවක අධ්‍යක්ෂක තනතුරුවල ඉන්නේ වැඩ බලන අය. අධ්‍යක්ෂක තනතුරු සියයකට වඩා අකර්මන්‍ය වෙලා. රූකඩ චරිත දාගෙන නටවන්න ගිහිං තමා සෞඛ්‍ය සේවාව මේ අගාධයයට වැටිලා තියෙන්නේ. රටේ වැඩිම අවධානයට ලක්වෙච්ච ආයතනනය, වෛද්‍ය සැපයීම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් රූකඩයක්, වැඩ බලනවා කියලා රඟපාන එක කරන්නේ.
අධ්‍යක්ෂක තනතුරටත් තවම ස්ථිර කෙනෙක් නෑ.
පරිපූරක වෛද්‍ය සේවාවේ අධිකාරී තනතුරු සියල්ල පුරප්පාඩුවෙලා තියනවා. ඒ තනතුරු හැමදාම ලැබෙන්නේ, නිලධාරියා විශ්‍රාම අරගෙන ගෙදර ගියාටත් පස්සේ. ඖෂධ, රසායනාගාර උපකරණ, විකිරණ තාක්ෂණ උපකරණ, ප්‍රතික්‍රීයක ඇතුළු සියළු රෝහල් රසායන ද්‍රව්‍ය කළමනාකරණය කරන්න ඉන්න ප්‍රධානම තනතුරු හිස්ව තියා ගැනීම සහ ඔවුන්ව බලාත්මක කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය හිතාමතා පැහැරහරින නිසා තමයි සෞඛ්‍ය සැපයුම් පද්ධතිය මේ විදිහට අසරණ වෙලා තියෙන්නේ.
පරිපාළණ සහ කළමනාකරණ තනතුරු ටික පත් කරන්න වාර්ෂිකව තියන්න ඕනේ සම්මුඛ පරීක්ෂණ අවුරුදු අටකින් තියාගන්න බැරි සෞඛ්‍ය අමාත්‍යාංශයකින්, මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ කොහොමද?
අද වෙනකොට ඖෂධ නියාමන අදිකාරියටත් ප්‍රධාන විධායක නිලධාරියෙක් නෑ. හිටපු එක්කෙනාව අයින් කරලා මාස කිහිපයක් ගිහිල්ලත්, එච්චරම ප්‍රශ්ණ තියන ආයතනයක ප්‍රධානම තනතුර රූකඩයක් විදිහට තියාගෙන නටවන්නේ ඇයි. නව්‍ය කළමනාකරණය, නියාමන විද්‍යාව කෙසේ කෙසේ වෙතත්, වෛද්‍ය පරිපාළණයවත් හදාරපු කිසිම නිලධාරියෙක් අද ඖෂධ නියාමන අධිකාරියේ ඉහල පුටු වල නැහැ.
ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ තත්ව පාළණ රසායනාගාරය ගැන මුලු ලෝකයම කථා කරනවා. ඖෂධ විශ්ලේෂණය සඳහා ප්‍රමාණවත් රසායනාගාරයක් නැති නිසා හොර බෙහෙත් ගෙනල්ලා, වගකිවයුත්තෙක් හොයා ගන්න බැරි තැනට ඖෂධ තත්වපාළණය බිඳ වැටිලා. බාල ඖෂධ නිසා රටේ මිනිස්සු දිනපතා දුක් විඳිනවා, ජීවිත පවා අහිමි කර ගන්නවා. තත්ව පාළණ රසායනාගාරය ගොඩ නංවන්න විශාල වශයෙන් ජාත්‍යන්තර අධාර පවා ලැබෙමින් තිබෙනවා. අය වැයෙන් පවා විශාලා මුදලක් වෙන් කලා කියලා ජනාධිපතිවරයා කිව්වා. නමුත් ඒකට ස්ථිර අධ්‍යක්ෂකවරයෙක් තාම පත් කරලා නෑ. හොරාට හදාගත්ත බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරලා හරි රසායනාගාර කළමනාකරණය, ඖෂධ කළමණාකරණය පිළිබඳ ප්‍රවීනතාවයක් ඇති අධ්‍යක්ෂකවරයෙක් ඊට පත් කරන්න කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලනවා.
මේ වැඩබලන තනතුරු වලින් සෙල්ලම් දාන එක අහම්බයෙන් වෙන දෙයක් නෙවේ. ඒක හිතා මතා කරන දෙයක්. සෞඛ්‍ය සේවාවේ පිරිහිලා තියෙන්නේ කළමනාකරණ යාන්ත්‍රණය. ඒක තමා රෝගයට හේතුව. හොරකම් කරනවා කියන එක එක රෝග ලක්ෂණයක් විතරයි. අධික වියදම, හොර බෙහෙත්, බාල බෙහෙත්, වැරදි ප්‍රතිකාර, රෝහල් වහලා දාල රට හැරයෑම්, මේ සේරම රෝග ලක්ෂණ විදිහට මතුවෙලා තියෙන්නේ. රෝග ලක්ෂණ වලට ප්‍රතිකාර කරලා රෝගය සුව කරන්න හදන්නේ, සෞඛ්‍ය අමාත්‍යාංශය රෝග ගැන නොදන්නාකමට නෙවේ. මේ පවතින ක්‍රමයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇතැම් වෙද්දුන්ට හුඟාක් වාසි ලැබෙන නිසා.