නත්තල් හා නව අවුරුදු උදාව සමයේ වරකාපොල ප්‍රදේශවාසීන්ගේ ප්‍රයෝජනය සහ පහසුව සදහා අද (27) සිට (31) දක්වා අති දැවැන්ත වෙළඳ ප්‍රදර්ශනයක් හා සැණකෙලියක් “උදුවප් ෆෙස්ටා” (UDUWAP FIESTA) නමින් වරකපොල මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ප්‍රදේශවාසී දූ දැරියන්ට දැනුම , විනෝදය උපරිමයෙන් විඳගත හැකි මෙරිගෝ රවුන්ඩ් , පුංචි කෝච්චිය,ජෙට් රයිඩර් ඇතුළු විනෝද ක්‍රීඩා රාශියකින් යුක්ත මේ ප්‍රදර්ශනය සඳහා නීතිවේදී ආචාර්ය අජිත් සෙනෙවිරත්න මහතා පූර්ණ අනුග්‍රාහකත්වය සපයා ඇත. ප්‍රදර්ශනය පැවැත්වෙන දින පහේම රාත්‍රී මෙරට නම ගිය සංගීත කණ්ඩායම්වල සහභාගීත්වයෙන් ප්‍රසංගය පැවැත්වෙන බව සංවිධායක මණ්ඩලය පවසයි