.අත්‍යවශ්‍ය ආහාර ඇතුළු වහලුන් විශාල ප්‍රමාණයක් වරාය තුළ අධික තදබදයකට හසු වීමෙන් දැඩි අර්බුදකාරී තත්ත්වයක් පැන නැගී ඇති බව…
බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමයේ සභාපති සනත් මංජුල මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කරයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා….
අපි වරාය ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා සමග සාකච්ඡා පැවැත්වූවා මීට විසඳුම් ලබාගැනීමට. එහිදි මෙම තදබදයට කඩිනමින් විසඳුම් ලබාදෙන්න කටයුතු කරනවා කියා අපිට දැනුම් දුන්නා.
මෙම තදබදය ඇතිවෙලා තියෙන්නේ රේගුවේ නිලධාරීන්ගේ අකර්මණ්‍යතාවය නිසා බව අපි චෝදනා කරනවා.
අල,ලූණු තොග ඇතුළු කන්ටේනර් රැසක් හිරවී තිබෙනවා. මෙම කන්ටේනර් ඉක්මනින් මුදා හරින්නේ නැතිනම් තදබදය තවත් වැඩි වෙයි. රටේ ආර්ථිකයටත් මෙම තත්ත්වය දැඩිව බලපානවා.