ජාතික රෝහලේ එන්ඩස්කෝප් bled අක්‍රිය වීම නිසා එන්ඩොස් කොපි පරීක්ෂණ සඳහා පැමිණෙන විශාල රෝගීන් ප්‍රමාණයකට දින පහක සිට තම පරීක්ෂණ කරවා ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බ සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් H.M.S.B මැදිවත්ත මහතා ප්‍රකාශ කරයි.
මෙමගින් දිනකට රෝගීන් තිස් දෙනෙකුට පරීක්ෂණ කරන අතර උගුරේ සිට බඩවැල් දක්වා ආහාර මාර්ග පද්ධතියේ ඇතිවන රෝග තත්ත්ව පිළිකාමය රෝග තත්ත්ව හඳුනා ගැනීමට සහ ඒ සඳහා ප්‍රතිකාර කිරීමට මේ පරීක්ෂණය ඉවහල් වන බවත්
පිළිකා රෝගීන් හඳුනා ගැනීමට පරක්කු වුනොත් එය ඉතා භයානක තත්ත්වයක් බවත් මේ අංශය සඳහා ශල්‍ය වෛද්‍යවරු දොළොස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මේ පරීක්ෂණ කරන අතර
එම පරීක්ෂණ නිසි වෙලාවට කර ගැනීමට නොහැකි වීම නිසා වෛද්‍යවරු මෙන්ම රෝගීන්ද දැඩි අසරණතාවයකට පත්වී ඇත
ඊයේ දිනයේ සෞඛ්‍ය ඇමති ඉවරයා ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක යෙදුනත් මෙම ඒකකය අසලට පැමිණියත් මේ සම්බන්ධව කිසිම අවධානයක් යොමු නොකිරීම කණගාටුව පළ කරනවා
ඖෂධ හිඟයද පෙර ආකාරයෙන් පවතිනවා හෘද රෝගියෙකුට ඖෂධ පහක් නියම කළත් ඉන් බෙහෙත් වර්ග දෙකක් පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට සිදුවී තිබෙනවා මේ බෙහෙත් මිල අධික බව සඳහන් වෙනවා ඒ වගේම රෝගීන් සඳහා ලබා දෙන විටමින් වර්ග ද දැඩි හිඟයක් පවතින බව සඳහන් කළා