22 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්police newsසුඩලිකුලම් රක්ෂිතය තුල නීති විරෝධී මත්පැන් පෙරූ පුද්ගලයකු පොලිස් විශේෂ කාර් ය...

සුඩලිකුලම් රක්ෂිතය තුල නීති විරෝධී මත්පැන් පෙරූ පුද්ගලයකු පොලිස් විශේෂ කාර් ය බලකායේ අත්අඩංගුවට

විශේෂ කාර් ය බලකාය කිලිනොච්චිය කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය බාර ජේෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත මහතාගේ අධීක්ෂණයෙන් කිලිනොච්චිය කඳවුරේ උප පොලිස් පරික්ෂක එල්.පී. චන්ද්‍රසේන ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (31) රාමනාදපුරම් පොලිස් වසමේ සුඩලිකුලම් රක්ෂිත ප්‍රදේශයේ දී වැටලීම් 03 ක් සිදුකර ඇත.

එහි දී සුඩලිකුලම් රක්ෂිතය තුල නීති විරෝධී මත්පැන් පෙරමින් සිටි රන්ගකුඩිරිප්පු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක පුද්ගලයකු නීති විරෝධී මත්පැන් ලීටර් 20 ක්, මත්පැන් පෙරීමට යොදාගන්නා ගෝඩා ලීටර් 1,067 ක් හා මත්පැන් පෙරීමට යොදාගන්නා උපකරණ තොගයක් සමග අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රාමනාදපුරම් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments