25.7 C
Sri Lanka
Monday, May 5, 2025
HomeTOPරේගුවෙන් ඉතිහාසයේ වැඩිම ආදයම වන රුපියල් බිලියන 970ක් උපයයි- රේගු මාධ්‍ය ප්‍රකාශක...

රේගුවෙන් ඉතිහාසයේ වැඩිම ආදයම වන රුපියල් බිලියන 970ක් උපයයි- රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා

ශ්‍රී ලංකා රේගුව ඉතිහාසයේ එකතු කළ වැඩිම ආදායම උපයා ගැනීමට ඉකුත් වසරේදී සමත්වී තිබේ. ඒ අනුව රුපියල් බිලියන 970ක් උපයා ඇත. මෙම ආයතනය මීට පෙර ලබාඇති වැඩිම ආදායම වූයේ වසර 2018දී උපයාගත් රුපියල් බිලියන 923වේ.

2023 වසර මුලදි මුදල් අමාත්‍යාශය රේගුවට රුපියල් බිලියන 1,217ක ආදායම් ඉලක්කයක් ලබාදී තිබු අතර රටතුල පැවැති අයහපත් මූල්‍යමය වාතාවරණය සහ පනවා තිබු ආනයන සීමා සැළකිල්ලට ගෙන එම ඉලක්කය රුපියල් බිලියන 893ක් දක්වා පසුව සංශෝධනය කර ඇත. ඒ අනුව ඉකුත් වසරේදී රේගුව උපයා ගත් රුපියල් බිලියන 970ක මුදල සංශෝධිත ඉලක්කය ඉක්මවා 109%ක වර්ධනයක් පෙන්නුම් කරන අතර එය වසර මු ලබා දී තිබු ඉලක්කයෙන් 80%ක් ඉක්මවා යෑමක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ මහතා කියා සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments