28 C
Sri Lanka
Wednesday, May 7, 2025
Homeදේශීය පුවත්ඉතාලියේ සිට හෂීශ් වර් ගයේ විෂ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4.091ක් රේගු දැලේ.

ඉතාලියේ සිට හෂීශ් වර් ගයේ විෂ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4.091ක් රේගු දැලේ.

ඉතාලියේ සිට හෝමාගම ප්‍රදේශයේ ලිපිනයකට එවා තිබූ තෑගි පාර් සලයක තිබී නීති විරෝධීව රට තුලට ගෙන ඒමට උත්සාහ කල හෂීශ් වර් ගයේ විෂ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 4.091ක් අත් අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා රේගුවේ අදායම් අධීක්ෂන අංශය (02)සවස සමත් වී තිබේ.

මෙම අත් අඩංගුවට ගැනීම සිදුවූයේ සීදූව සෙරන්ඩිබ් කාගෝ ගමන් බඩු නිශ්කාෂන ආයතනයේදී.
ආහාර ද්‍රව්‍ය අඩංගු යැයි රේගුවට ප්‍රකාශ කර තිබූ පාර්සලයක් තුල සඟවා තිබූ මෙම හෂීශ් තොගයේ වටිනාකම රුපියල් මිලියන 61.36ක් වනවා.
අදාල පාර්සලය රේගුවෙන් නිශ්කාශනය කර ගැනීමට ආ ඒජන්ත වරයා රේගුව විසින් අත් අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා රේගුව තුල මත්ද්‍රව්‍ය පාලනය සඳහා වෙනම ඒකකයක් ක්‍රියාත්මක වනවා.
කෙසේ වෙතත් පසුගිය වසර තුල ආදායම් අධීක්ශන අංශය විසින් අවස්ථා 8 කදී රුපියල් මිලියන 359ක් වටිනා විශ මත් ද්‍රව්‍ය අත් අඩංගුවට ගනිමින් විශ මත් ද්‍රව්‍ය රට තුලට ඒම වැලැක්වීමට සුවිශේෂී රාජකාරියක් සිදු කර තිබේ.
අදාල මත් ද්‍රව්‍ය තොගය හා අත් අඩංගුවට ගත් පුද්ගලයා වැඩිදුර විමර්ශනය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශය වෙත භාරදීමට කටයුතු කර ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments