පෑලියගොඩ ප්‍රදේශයේ හදිසි මාර් ග බාධකයක් මගින් රජයට තීරුබදු අහිමි කර හොර රහසේ මහා පරිමාණයෙන් මෙරටට ගෙන්වනු ලැබු ජංගම දුරකථන ඇතුලු විවිධ උපාංග තොගයක් කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි අධ්‍යක්ෂ (විශේෂ අවි හා උපක්‍රම/ සංග්‍රාමික යතුරුපැදි) පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී රත්නවීර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ ස්ථාපිත කර ඇති C කළාපයේ රාජකාරී යොදවා ඇති ජයවර්ධනපුර කදවුරේ සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායම් ස්ථානාධිපති පොලිස් පරික්ෂක එම්.ඩී.ටී. මඩපාත ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) වන දින පෑලියගොඩ පොලිස් වසමේ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිරිපිට මීගමුව පාර පෑලියගොඩ දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී රජයට තීරුබදු අහිමි කර හොර රහසේ මහා පරිමාණයෙන් මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන හා දුරකථන උපාංග, අත් ඔරලෝසු තොගයක් කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි කොළඹ 12 සහ වත්තල ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 23 සහ 43 ක පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
අත්අඩංගුවට ගත් භාණ්ඩ වනුයේ Redmi 12c ජංගම දුරකථන 100ක්, Redmi 12 ජංගම දුරකථන 15ක්, Iphone 11 යි, Galaxy M04 ජංගම දුරකථන25ක්, Galaxy Tab 04ක්, Galaxy A04 ජංගම දුරකථන 20 යි.
7) Galaxy F13 ජංගම දුරකථන 04ක්, Notc 12 Pro+ ජංගම දුරකථන 02ක්, Galaxy Z Fold 05 ජංගම දුරකථන 01ක්, Galaxy A14 04ක්, Galaxy A54 5g ජංගම දුරකථන 20 යි.
12) Galaxy M34 5g ජංගම දුරකථන 05ක්, Galaxy S 23 5g ජංගම දුරකථන 04ක්, Galaxy A34 5g ජංගම දුරකථන 26ක්, කොටස් ලබා ගැනීම සදහා ගෙන්වන ලද දුරකථන77ක්, ඇපල් ඔරලෝසු 06ක්, ගැලැක්සි ඔරලෝසු 01ක්, ඇපල් අල්ට්‍රා ඔරලෝසු එකක්, දුරකථන චාජර් ,බ්ලුටූත් හෑන්ඩ්ෆී 01 ,බැක් කවර 35ක්. කාර් රථ එකක්.
ජයට තීරුබදු අහිමි කර හොර රහසේ මහා පරිමාණයෙන් මෙරටට ගෙන්වනු ලැබු ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිඝණක ගබඩාවක් සමග සැකකරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට
විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි අධ්‍යක්ෂ බුද්ධි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එම්.එම්.කේ. විජේසිංහ මහතාගේ මගපෙන්වීම පරිදි අධ්‍යක්ෂ (විශේෂ අවි හා උපක්‍රම/ සංග්‍රාමික යතුරුපැදි) පොලිස් අධිකාරී ආර්.පී.කේ.ඩී රත්නවීර මහතාගේ අධීක්ෂණය මත විශේෂ කාර්ය බලකාය ජයවර්ධනපුර කදවුරේ ස්ථාපිත කර ඇති විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක එම්.ඒ.ආර්.පී. කරුණාරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් (03) ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ අංක 178, ලියැස් බෝඩුව, කොළඹ 14 ලිපිනයේ පිහිටි ගබඩාවක දී වැටලීමක් සිදුකර ඇත.
එහි දී රජයට තීරුබදු අහිමි කර හොර රහසේ මහා පරිමාණයෙන් මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන 66 ක් හා ලැප්ටොප් පරිඝණක 10 ක් සහිත ගබඩාවක් සමග මධ්‍යම පාර, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

