29.2 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්  ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ ශාඛාවක් නුවර...

  ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ ශාඛාවක් නුවර එළියට..

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නුවරඑළිය දිස්ත්‍රික් මධ්‍යස්ථානය ජන අයිතියට පත්කිරීම එළැඹෙන (7) කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

පසුගිය වසරේ දෙසැම්බර් මස 18 දිනට යෙදී තිබූ ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් පැවති වැඩසටහනකදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ විගමණික පවුල්වල දරු දැරියන් පිරිසක් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් කඩිනමින් මෙම මධ්‍යස්ථානය පිහිටවීමට අමාත්‍යවරයා විසින් කාර්යාංශ නිළධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ, 5 වන මහලේ මෙම මධ්‍යස්ථානය ස්ථාපනය කර ඇති අතර, විදේශ රැකියා සඳහා කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම, විදේශ රැකියා සඳහා පැමිණිලි භාරගැනීම, සුභසාධන පහසුකම් සැලසීම ඇතුළු බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් කෙරෙන සියළුම සේවාවන් මෙම නව මධ්‍යස්ථානය මගින් සලසා ගැනීමට හැකිවේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments