26.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මාතර රතුකුරුසයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායන හා ශ්‍රමදාන මාලාවක්.

මාතර රතුකුරුසයෙන් සෞඛ්‍ය වෛද්‍ය සායන හා ශ්‍රමදාන මාලාවක්.

ගංවතුරින් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් පරික්ෂා කර
මූලික ප්‍රතිකාර සඳහා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ (10) දහයක සෞඛ්‍ය වෛද්‍ය සායනය බැගින් පැවැත්වීමට මාතර රතුකුරුස සමාජය කටයුතු යොදා ඇත.
ඒ අනුව එහි ප්‍රථම සෞඛ්‍ය වෛද්‍ය සායනය පසුගියදා (07) වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරකාපිටිය මහා විද්‍යාලයේ දී පැවැත්වුණි.මෙහි දී ගංවතුර බලපෑමට ලක් වූ ප්‍රදේශවාසීන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් පරීක්ෂා කර ඔවුන්ට මූලික සායනික ප්‍රතිකාර, ඖෂධ ලබාදී වැඩිදුර ප්‍රතිකාර අවශ්‍ය අය අදාළ රෝහල් වෙත යොමු කළ බව මාතර රතුකුරුස සමාජයේ සභාපති විශේෂඥ වෛද්‍ය කිත්සිරි මල්ලිකාරච්චි මහතා පවසයි. පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ සහය ඇතිව සංවිධානය කරන මෙම සෞඛ්‍ය වෛද්‍ය සායන සඳහා ජාත්‍යන්තර රතුකුරුස ෆෙඩරේශනය මුල්‍ය සහාය ලබා දුන් බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ජගත් අබේසිංහ මහතා පවසයි.
ඒ අනුව මීළඟ සායනය ලබන (13) තිහගොඩ මිදෙල්ලවල පුරාණ විහාරස්ථානයේ දී පැවැත් වේ.ජනවාරි 14 දින මාතර,15 දින අතුරලිය,20 දින අකුරැස්ස,21 දින මාලිම්බඩ,26 දින දික්වැල්ල හා 27 දින දෙවිනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන් හි මෙම වෛද්‍ය සායන පැවැත් වේ.
මීට සමගාමීව මෙම ප්‍රදේශවල පසුගිය ගංවතුර හේතුවෙන් අවහිර වී ඇති ගඟ දෙපස සහ අතු ගංගා හා ඇලමාර්ග පිරිසුදු කොට පිළිසකර කිරීමේ ශ්‍රමදාන මාලාවක් රතුකුරුස සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන බව ද විශේෂඥ වෛද්‍ය කිත්සිරි මල්ලිකාරච්චි මහතා පවසයි.
මේ වැඩසටහන් සඳහා ශ්‍රී ලංකා රතු කුරුස සමාජය රුපියල් ලක්ෂ පනහකට ආසන්න මුදලක් වෙන්කර ඇතැයි ජගත් අබේසිංහ මහතා පවසයි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments