23.3 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මේජර් ජෙනරාල් සුභාෂණ වැලිකල අභාවප්‍රාප්ත වෙයි

මේජර් ජෙනරාල් සුභාෂණ වැලිකල අභාවප්‍රාප්ත වෙයි

දක්ෂ රණකාමියකු ලෙස ප්‍රකට මේජර් ජෙනරාල් සුභාෂණ වැලිකල ඊයේ (08 වැනිදා) පෙරවරුවේ නාරාහේන්පිට හමුදා රෝහලේදී අභාවප්‍රාප්ත විය. සිව් වැනි ඊළාම් යුද්ධයේ ආරම්භයේ සිට අවසානය දක්වා සටන් පෙරමුණේ සිටි ඔහු සිංහ රෙජිමේන්තුවට අනුයුක්තව වන්නි මානුෂීය මෙහෙයුමේදී පළමු වැනි රෙජිමේන්තුව මෙහෙයවීය.

මන්නාරම 54 වැනි සේනාංකය භාරව කටයුතු කරමින් සිටියදී අප්‍රේල් 19 වැනිදා ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු කෝමා තත්ත්වයට පත්වීම නිසා මියයනතුරුම රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.

එතුමන්ගේ මෘත දේහය බදාදා (09) දින පස්වරුව දක්වා බණ්ඩාරගම, වීදගම පේරුකාන වීදියේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර, දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා බ්‍රහස්පතින්දා (10) දින ‍උදෑසන බොරුල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ තැන්පත් කරීමට නියමිතව ඇත. එතුමන්ගේ අවමංගල්‍ය උත්සවය පුර්ණ හමුදා ගෞරව සහිතව ලබන බ්‍රහස්පතින්දා (10) දින පස්වරු 0400 බොරුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතව ඇත.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments