26.3 C
Sri Lanka
Monday, May 5, 2025
HomeUncategorizedදිවයින පුරා“අපරාධ වලට සම්බන්ධ 42248 කගේ ලැයිස්තුවක් අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් අතට”

දිවයින පුරා“අපරාධ වලට සම්බන්ධ 42248 කගේ ලැයිස්තුවක් අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් අතට”

“යුක්තිය මෙහෙයුමට අපරාධ අංශ බහී”

දිවයින පුරා සියළුම පොලිස් ස්ථාන වල (14) සිට යුක්තිය මෙහෙයුමට ක්‍රියාකාරීව සම්බන්ධ විය යුතු බවට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද දින දිවයිනේ සියළුම කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර නිලධාරීන්, මු.පො.ප. ස්ථානාධිපතිවරුන් සහ අපරාධ අංශ ස්ථානාධිපතිවරුන්ට විශේෂ උපදෙස් පංතියක් පවත්වා උපදෙස් ලබා දෙන ලදී.

මේ යටතේ දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට ඇති විවෘත වරෙන්තු 35505 ක්, ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන මෙතෙක් අත් අඩංගුවට නොගත් සැකකරුවන් 4258 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 2022 වර්ෂයේ 807 දෙනෙකු සහ 2023 වර්ෂයේ 1678 දෙනෙකු වශයෙන් සැකකරුවන් 2485 ක් දෙනෙකු ලෙස මුළු සැකකරුවන් 42248 දෙනෙකු පිළිබද ලැයිස්තුවක් අපරාධ අංශ ස්ථානාධිපතිවරුන් අතට යොමු කරන ලදී.

යුක්තිය මෙහෙයුම යටතේ ඉදිරි මාසයක කාලය තුල තම පොලිස් වසම් ආවරණය වන පරිදි මෙහෙයුම් සිදුකර ඉහත ලැයිස්තු 3 ට අදාල සැකකරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීමට පැය 24 පුරාම සියළුම අපරාධ අංශ නිලධාරීන් යෙදවිය යුතු බවට වැඩබලන පොලිස්පති විසින් නියෝග කර ඇත.

විෂ මත්ද්‍රව්‍ය බෙදාහැරීම, අලෙවි කිරීමට අදාල ජාලය අත්අඩංගුවට ගැනීමට ඇති යුක්තිය මෙහෙයුම අඛණ්ඩව ක්‍රියාත්මක වීමට අමතරව අපරාධ වලට සම්බන්ධ මෙම පිරිස් සෘජුවම ඉලක්ක කර ගනිමින් අපරාධ අංශ මගින් සිදු කරන යුක්තිය මෙහෙයුම මගින් ප්‍රබල බලපෑමක් සිදුවනු ඇතැයි පොලිස් මූලස්ථානය බලාපොරොත්තු වේ.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments