21.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeව්‍යාපාරික පුවත්ශනිල් ප්‍රනාන්දු ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා සභාපති ධූරයට යළි පත්වේ.

ශනිල් ප්‍රනාන්දු ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය ශ්‍රී ලංකා සභාපති ධූරයට යළි පත්වේ.

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති ධුරයට ශනිල් ප්‍රනාන්දු මහතා පසුගියදා තේරී පත්විය.එහි ලේකම් ධූරයට හේමකුමාර ගුණසේකර මහතා ද නැවත තේරී පත් වී ඇත.
පසුගිය දා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලීය ශ්‍රී ලංකා ශාඛාවේ 57 වාර්ෂික මහ සභාවේ දී තේරී පත් වූ නව නිලධාරි මණ්ඩලයේ උපසභාපතිවරු වශයෙන් කපිතාන් නලින් ප්‍රනාන්දු,ජොනී ප්‍රනාන්දු හා එස්.ජයවර්ධන මහත්මිය ද උපලේකම් වශයෙන් බුද්ධප්‍රිය රාමනායක මහතා ද භාණ්ඩාගාරික ලෙස බී.ඒ.එච්.එස්.ප්‍රීනා මහතාද නියෝජ්‍ය භාණ්ඩාගාරික ලෙස
මනිෂා රාජපක්ෂ මහත්මිය ද ඇතුළු විසි හතර දෙනකුගෙන් සමන්විත අධ්‍යක්ෂ මණ්ඩලයක් ද උපකමිටු (18) දහ අටක නියෝජිතයන් ද පත් වූ බව ජාත්‍යන්තර වාණිජ මණ්ඩලීය ශ්‍රී ලංකා කාර්යාලයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සංජීව කරුණාරත්න මහතා පවසයි.
වසර හැත්තෑවක් (70) පැරණි ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ රටවල් එකසිය හැත්තෑවක (170) සමාගම් ලක්ෂ (450) හාරසිය පනහක් සාමාජිකත්වය දරති.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments