26.4 C
Sri Lanka
Tuesday, May 6, 2025
Homeදේශීය පුවත්ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ එකම නියෝජිත ආයතනය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයයි-...

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ එකම නියෝජිත ආයතනය ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයයි- ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ශ්‍රී ලංකාවේ එකම නියෝජිත ආයතනය ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය කටයුතු කරන බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා පවසයි.
ඒ අනුව ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ කිසිඳු නියෝජිතයෙකු මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බව ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වාරයා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එලෙස ලෝක නායකයෙකු පැමිණ ඇති බවට යන ප්‍රචාර අසත්‍ය බවත් එය තරයේ ප්‍රතික්ෂේප කරන බවත් ප්‍රධාන කොමසාරිස්වරයා එම නිවේදනයෙන් පෙන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපිත කොට අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය කටයුතු කරමින් සිටින බව නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා නිවේදනය මඟින් පෙන්වා දී තිබේ.
එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.
ළමා පරපුර යහපත් පුරවැසියන් බවට පත්කරවීමේ ක්‍රියාදාමයට පෙරමුණ ගෙන ක්‍රියාකාරන දැවැන්ත ව්‍යාපාරයක් ලෙස ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය හඳුන්වා දිය හැකියි.ඒ අනුව බාලදක්ෂ ව්‍යාපාරය ශ්‍රී ලංකාව තුළ ආරම්භ කර වසර 112ක කාලයක් සැපිරෙනවා. ශ්‍රී ලංකාව තුළ පමණක් මේ වන විට බාලදක්ෂයන් ලක්ෂයකට අධික පිරිසක් ඉන්නවා. ශ්‍රී ලංකාව තුළ බාලදක්ෂ දිස්ත්‍රික් තිස් හතක් කේන්ද්‍ර කරගනිමින් සිඟිති, පෝතක, බාදක්ෂ මෙන්ම මානවක බාලදක්ෂ අංශ ඉතා විනයානුකූලව පිළිගත් ප්‍රමිතීන් යටතේ ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. ඒ වගේම ලෝකයේ රටවල් 172ක මිලියන 57කට අධික බාලදක්ෂයන් ලෝක බාලදක්ෂ ව්‍යාපාරය වටා එක් රොක් වී සිටියි.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments