21.5 C
Sri Lanka
Thursday, May 8, 2025
Homeදේශීය පුවත්දේශපාලන පුවත්මාර් ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ වගන්ති 57න් 31ක්ම...

මාර් ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතේ වගන්ති 57න් 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් පටහැණියි- හිටපු ජනමාධ්‍ය ඇමැති කරු පරණවිතාන මහතා

මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් මහතා ජනවාරී 24 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මාර්ගගත ක්ර මවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් එක්සත් ජනරජ පෙරමුණේ මතය ප්‍රකාශ කිරීම සඳහා එක්සත් ජනරජ පෙරමුණේ දේශපාලන මණ්ඩල සභාපති හිටපු ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතාගේ ප්‍රධානත්වයෙන් (18) මාධ්යස හමුවක් පැවැත්වුණි.
එම මාධ්‍ය හමුව සඳහා එක්සත් ජනරජ පෙරමුණු කුරුණෑගල දිස්ත්‍රික් කමිටු සාමාජිකා සහ කාන්තා කටයුතු සම සම්බන්ධීකාරක නීතිඥ භාග්‍යා වීරකෝන් මෙනෙවියද සහභාගිවුණාය.
රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ට වැට බැඳීමට ආණ්ඩුව මේ මොහොතේ ක්‍රියාකරන බවත් ජනවාරී 24 පාර්ලිමේන්තුවට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා ඉදිරිපත් කරනු ලබන්නේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගෙ මූලිකත්වයෙන් සම්මත කර ගැනීමට කටයුතු කරන ලද සිංගප්පූරුවේ මාර්ගගත ක්‍රම සඳහා ක්‍රියාත්මක පනතට සමාන පනතක් බවද ඒ මහතා අදහස් දක්වමින් පැවසූවේය.
ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් 51ක් සලකා බලා ලබා දුන් තීන්දුව අනුව මෙම පනතේ වගන්ති 57කින් වගන්ති 31ක්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද පටහැණි බව කරු පරනවිතාන මහතා පැවසූ අතර මෙම පනතින් සමාජ මාධ්ය් භාවිතා කරන්නන්ගේ අදහස් ප්ර5කාශ කිරීමේ අයිතිය වලකාලීමට ආණ්ඩුව ක්රිියා කරන බවත් පැවසීය.
සමාජ මාධ්යය භාවිතා කරන්නන් ඇතැම් අවස්ථා වලදී දේශපාලනයේ යෙදෙනෙ පුද්ගලයින් විසින් විවිධ හිරිහැරවලට ලක් කරන බවත් දූෂිත තොරතුරුකරණයේ ගොදුරක් බවට තමන්ද පත්ව ඇති බවත් එසේ වුවද ලොව කිසිදු රටක සාර්ථක ලෙස මේ සමාජ මාධ්යණ නියාමනය කරගන්නා ක්රිමවේද නොමැති බවත් කරු පරණවිතාන මහතා ප්රරකාශ කළේය.
මාධ්යත නියාමනයට මුවා වී යුක්තිය මෙහෙයුම සිදු කරනවා සේ කුඩු මර්දනයට මුවාවී විශාල වශයෙන්ම, පලිගැනීම්, කප්පම් ගැනීම්, තෝරා ගත් මිනිස්සුන්ට දඬුවම් කිරීම් සහ තෝරු, මෝරු නිදැල්ලේ යාමට ඉඩ හරිමින් කරන්නා වූ ඒ විගඩම සේම සමාජ මාධ්යෙ නියාමනයද ඔවුන්ගේ උවමනාවට මුවා වී පිහිටුවන දැඩි මර්දනකාරී පනතක් බවත් පැරණි පනත වෙනුවට සමාජ මාධ්යය ක්රි යාකාරීන් ඇතුළුව නීතිඥවරුන් සහ අදාළ පාර්ශව සමග සාකච්ඡා සිදු කොට නව පනතක් ගෙන ඒමට ක්රී්යාකරන ලෙසද හිටපු ජනමාධ්ය නියෝජ්යු අමාත්ය කරු පරනවිතාන මහතා පැවසූවේය.
දැනට ජනවරම අහෝසී වූ පොහොට්ටුව මූලික කරගත් පාලනයක් සිදුවුවද ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සහ මහමැතිවරණයෙන් නව ජනවරමක් අනිවාර්යය වශයෙන් බිහිවන බවද අහෝසිවූ ජනවරමකින් ගෙන එන පනතක් වැඩි කාලයක් නොපවතින බවද පෙන්වා දුන් හිටපු නියෝජ්යි අමාත්යිවරයා එක්සත් ජනරජ පෙරමුණ සම්බන්ධ වන නව ආණ්ඩුවක් මගින් මෙම පනත අහෝසි කරන බවද වැඩිදුරටත් අදහස් දක්වමින් පවසන ලදී.
ජනපති රනිල් වික්ර මසිංහ මහතා රටේ තරුණයන් ගැන, අනාගතය ගැන, තාක්ෂණය ගැන ලොකුවට කතාකොට සිදු කරනුයේ කුමක්දැයි ප්රමශ්න කළ ඒ මහතා ටිරාන් අලස් මහතාට ගෝඨාභයට අඳින්න හදන්න එපා යනුවෙන්ද ප්රකකාශ කළේය.
එම මාධ්ය හමුවේදී ‘’මාර්ගගත ක්රනමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත් කෙටුම්පත, එහෙමත් නැත්නම් ඔන්ලයින් සේෆ්ටි බිල් එක සම්බන්ධයෙන් කතා කරද්දී මේ විසි එක්වෙනි සියවස කියලා කියන්නේ ඩිජිටල් යුගය. මේ යුගයේ දරුවෙක් ඉපදෙන්නෙත් ෆෝන් එකක් ලැප්ටොප් එකක්, ටැබ් එකක් අතේ තියාගෙන. ඒ තරමට ළමයි තාක්ෂණයට හුරු වෙලා තියෙනවා යැයි’’එක්සත් ජනරජ පෙරමුණේ තාරුණ්ය් නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්රි ක් කමිටු සාමාජිකා සහ කාන්තා කටයුතු සම සම්බන්ධිකාරක නීතිඥ භාග්යාෝ වීරකෝන් මෙනෙවිය අදහස් දක්වමින් ප්‍රකාශ කළහ.
එමෙන්ම යූ ටියුබර්ස්ලා, ශෝෂල් ඉන්ටුවන්ස්ලාතමන්ගේ දේශපාලන මතය ඉදිරිපත් කිරීම සහ දේශපාලන විචාරකයන්ගේ අදහස් පළකිරීම සමාජ මාධ්‍ය හරහා සිදුකරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන් සිටිනුයේ පන්ති නායක පුටුවක කියා සිතා කටයුතු කරන බවත් එතුමා සිටිනුයේ විධායක බලතල ඇති පුටුවක බව එතුමාට අමතකව ඇති බවත් පැවසීය.
ඒ විධායක බලය පාවිච්චිකොට පාර්ලිමේන්තුවේ බදු පැහැර හරින අරක්කු මුදලාලිලාගෙන් බදු අය කර ගැනීමට, රටට කුඩු ගෙන්වන කුඩු මුදලාලිලාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමට, විදුලි බිල් නොගෙවා බොරුවට පාර්ලිමේන්තු පැමිණ කයිවාරු ගහන, කයිවාරුකාරයන්ට විරුද්ධව නීතිය ක්රිමයාත්මක කළ හැකි බව ද මතක් කර දුන් භාග්‍යා වීරකෝන් මෙනෙවිය ‘අධිරාජ්‍ය බිඳ වැටීමට ආසන්න වනවිට ඒ අධිරාජ්‍ය විසින් උන්මන්තක නීති සම්පාදනය කරන බවත්කීවාය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments