28 C
Sri Lanka
Wednesday, May 7, 2025
HomeTOPජනපති නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතයි.

ජනපති නොබැඳි ජාතීන්ගේ සමුළුව අමතයි.

ඩිජිටල් වශයෙන් මෙන්ම මහා විනාශකාරී ආයුධ මගින් නොබැඳි ජාතීන්ගේ සංවිධානයට අයත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සහ සංවර්ධිත ලෝකයේ රටවල් අතර ගැඹුරු අසමානතාවයක් නිර්මාණය කර ඇති බවත්, යහපත් ලෝකයක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් සහ එක්සත් නොබැඳි ජාතීන්ගේ සංවිධානයක් තුළින් මෙම ගැටළු කඩිනමින් විසඳාගත යුතු බවත්, “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ උගන්ඩාවේ කම්පාලා නුවරදී (19) ආරම්භ වූ නොබැඳි ජාතීන්ගේ සමුළුවේ 19 වැනි රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

විකාශනය වන බහුධ්‍රැවීය ලෝකයට ගැලපෙන පරිදි නොබැඳි ජාතීන්ගේ සංවිධානයේ අරමුණු නැවත නිර්වචනය කරමින් ගෝලීය දකුණේ විශාලතම සාමාජික සංඛ්‍යාව සිටින සංවිධානය බවට පත් විය යුතු බවත්, එම පරිවර්තනයේදී මහා බල එදිරිවාදීකම් මෙන්ම ඊට මැදිහත් නොවන රාජ්‍යයන් ඈඳා ගැනීමට සිදු කරන බලපෑම්වලට විරුද්ධ විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය. එමෙන්ම ගෝලීය දකුණේ රටවල පවතින දේශපාලන, ආර්ථික, සමාජීය සහ දේශගුණික විපර්යාස අවම කිරීමේ අභිලාෂයන් සපුරාලන, බහු ධ්‍රැවීය ලෝකයක් ගොඩනැගීමට නොබැඳි ජාතීන්ගේ සංවිධානය දායක විය යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්‍ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ (19) උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 120ක රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් ඊට එක්ව සිටිති.

සමුළුවට එක්ව සිටී රාජ්‍ය නායකයන් සමඟ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමූහ ඡායාරූපයකට එක් වූ අවස්ථාව

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments