29.5 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්මහයියාවට සංචරණ සීමා පනවයි

මහයියාවට සංචරණ සීමා පනවයි

මහනුවර, මහනගර සභා සීමාවට අයත් මහයියාව ප්‍රදේශය සඳහා සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව මහනුවර නාගරික කොමසාරිස් අමිල නවරත්න මහතා පවසයි.

කොවිඩ් ආසාදිතයින් 28 දෙනෙක් එම ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග මෙම තීරණය ගත්බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

“මහයියාව කියන්නේ අපේ නගරයට සේවා සපයන විශාල ප්‍රමාණයක් ජීවත් වන ප්‍රදේශයක්. ඒ හා සමානව මීට පෙර බෝගම්බර ප්‍රදේශයත් සංචරණ සීමා පනවලා නිරෝධායන කටයුතු ආරම්භ කර තිබෙනවා. ඒ තුළින් ජනතාවට මහනුවර නගර සභා සීමාව තුළ ආසාදිතයින් සමග මුසුවීම වැළැක්වෙනවා.“ යනුවෙන් ද නාගරික කොමසාරිස්වරයා අදහස් පළ කළේය.

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments