25.7 C
Sri Lanka
Monday, May 5, 2025
Homeදේශීය පුවත්ශානිගේ ඇප ප්‍රතික්ෂේප කරයි

ශානිගේ ඇප ප්‍රතික්ෂේප කරයි

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර සහ ඇඹිලිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කරන ලද උප පොලිස් පරික්ෂක සුගත් මෝහන මෙන්ඩිස් යන සැකකරුවන් දෙදෙනා ගේ ඇප ඉල්ලුම් පත් ගම්පහ අංක 01 මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා අද (09) ප්‍රතික්ෂේප කලේය .
 
අසත්‍ය සාක්ෂි නිර්මාණය කර අධිකරණය නොමග හැරීම ඇතුළු තවත් චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බංඩාර මහතා ඇතුළු තවත් නීතිඥ කන්ඩායමක් ගම්පහ මහාධිකරණය හමුවේ ඇප අයදුම්පත් ගොනු කර තිබුණි .
 
 එම ඇප අයදුම්පත් වලට අදාළව නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා විරෝධතා ඉදිරිපත් කර තිබු අතර දෙපාර්ශවයේම කරුනු සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප කලේය .

RELATED ARTICLES

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisment -spot_img

Most Popular

Recent Comments